බාලදක්ෂ ජම්බෝරිය විදේශගත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

බාලදක්ෂ ජම්බෝරිය විදේශගත වෙයි

සමාජයෙන් කොන් කෙරුන සිරකරුවන්ට යහමඟ පෙන්වමින් විශිෂ්ඨ සේවාවක් කළ වැලිකඩ බන්ධනාගාරයේ මානවක බාලදක්ෂ ආචාර්ය එස්. ඩී.ආර්. රංගන අබේසේකර මහතා ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවැත්වෙන 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටව ගියේය.

රංගන අබේසේකර මහතා දේශීය වෛද්‍ය විද්‍යාව හැදෑරූ පාරම්පරික වෛද්‍යවරයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පශ්චාද් උපාධිධරයෙකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද අපරාධ විද්‍යාව හා සමාජ විද්‍යාව උපාධිය ලබා ඇත. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ද දහම්පාසල් ඩිප්ලෝමාධාරියෙකි.

මෙවන් විවිධ ක්ෂේත්‍ර වෙත ඇල්මක් ඇතත් ඔහු බන්ධනාගාර සේවයට පිවිසියේ නියාමකවරයකු වශයෙනි. ඒ අතරම ඔහු බාලදක්ෂ මානවක අංශයේ පළමු අදියර පාඨමාලාව හදාරා එම ක්ෂේත්‍රයට ප්‍රවේශ විය. ඒ අනුව ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ 57 වන මානවක බාලදක්ෂ සමාජය ආරම්භ කරන ලද්දේ රංගනය. ඉන් පසු වැලිකඩ බන්ධනාගාරයේ 29 වන විකුම් මානවක සමාජය හා සම්බන්ධව මානවක බාලදක්ෂ ආචාර්ය උපාධිය (දාර පබළු) ලබාගති. ඉන්දියාවේ පච්මාරි හි පැවැත් වූ ජාත්‍යන්තර අභ්‍යාස පුහුණු පාඨමාලාව සඳහා වන බාලදක්ෂ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් ද ඔහු සහභාගි විය. බන්ධනාගාර ආශ්‍රිතව ප්‍රථම වරට පවත්වන ලද පල්ලේකැලේ හා නුවරඑළිය පීඩෘ කඳවුරු දෙක සංවිධානය කරන ලද්දේ ද රංගන මහතාය.

මේ හැර බාහිර වශයෙන් ශාන්ත ජෝශප් විදුහලේ සහ කොළඹ ශාක්‍යරාජ විහාරස්ථානයේ දහම්පාසල් හි ආරම්භකර ඇති බාලදක්ෂ කඳවුරු දෙකෙහිම නිර්මාතෘවරයාණන් ද රංගන අබේසේකරය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages