නීතියේ ආධිපත්‍ය ස්ථාපිත නොකර අපේ රටට ඉදිරි ගමනක් නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

නීතියේ ආධිපත්‍ය ස්ථාපිත නොකර අපේ රටට ඉදිරි ගමනක් නෑ

Author(s): 
මහින්ද අලුත්ගෙදර

විනිවිද පදනමේ සභාපති, මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත නොකර අපේ රටට ඉදිරි ගමනක් නැතැයි විනිවිද පදනමේ සභාපති, මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ තලවතුගොඩ සැනෝරා හෝටලයේ දී පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි. ව්‍යවස්ථා විප්ලවය සඳහා වන වැඩපිළිවෙළ පැහැදිලි කිරීම සහ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

අද පවතින ව්‍යවස්ථාවට අනුව ඉදිරියටත් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව කිසි දිනෙක ගොඩගැනීමට නොහැකියි. රටේ පොදු මහජනතාවගේ යෝජනාවලට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවා. රටේ පොදු යහපත වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

රටේ ජනාධිපතිවරයා වීමට පමණක් නොව පවතින ක්‍රමවේදය වෙනස් කිරීමේ අරමුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. වර්තමානයේ පවතින ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.පොදු මහජන මතයට ගරු කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විට වසර 30කට වැඩි කාලයක් රටේ සෑම අංශයකම බිඳවැටීමක් සිදුව තිබෙනවා. රටේ පවතින ව්‍යවස්ථාවත් සමඟ ඉදිරියට යා නොහැකියි. අද රටේ නීතියක් නෑ.

එක්සත් ජාතික පක්ෂය 1978 දී මේ රටට ව්‍යවස්ථාවෙක් හඳුන්වා දී තිබෙන්නේ රටේ පුරවැසියන් ගැන සිතා නොව එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිබඳව සිතලයි. නීතියේ ආධිපත්‍ය බිඳවැටීම හේතුවෙන් කුමන පරීක්ෂණ සිදු කළ ද පොදු මහජනතාවට යුක්තිය ඉටු වන්නේ නෑ. ඉදිරියේ දී තමාගේ ප්‍රතිපත්තියට අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉවත් කරනවා. යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව උපරිම 60කට සීමා කරනවා. රටේ ජනතාව පිළිගන්නේ නම් පමණක් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට සූදානම්.

ජනතා කැමැත්තට අනුව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නවා. ජනතා මනාපයත් සමඟ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව එය රටේ නීතිය බවට පත් වෙනවා. මගේ පළමු කාර්යය රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමයි. 1978 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නොව ජනතාව විසින් තීන්දු ගන්නවා. එය අහෝසිවීමත් සමඟ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර, පළාත් සභා ආදී සියල්ල අහෝසි වෙනවා.

නව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව සොරකම, දූෂණය, මංකොල්ලයට ඉඩක් නෑ. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වැරැදිකරුවන්ට මරණ දඬුවම ලබා දෙනවා. රටේ සියලු පුරවැසියන්ට එක් නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රටක් ලෙස ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. මට එරෙහිව විවිධාකාරයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

ඡායාරූපය - සරත් පීරිස්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages