කොම්පඤ් වීදියේ අද අළුයම පුද්ගල ඝාතනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

කොම්පඤ් වීදියේ අද අළුයම පුද්ගල ඝාතනයක්

කොම්පඤ් වීදිය පොලිස් වසමේ, මුත්තයියාපාර, කොළඹ 2 යන ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇති වූ අරවුල කදී සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
 
අද(12) අළුයම මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
පහර දීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොල්ලුපිටියේ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ දී මෙම පුද්ගලයා මිය ගොස් ඇත.
 
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු හල්කඳවල, රාගලවෙල, පායාගල ලිපිනයේ පදිංචි නිමල් අනගි අත්තගේ යන අයෙකි.
 
මරණකරු කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් වීදියේ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක කළමනාකරු වශයෙන් සේවය කළ අයෙකි.
 
ඔහු තම මිතුරියක් සමඟ මෝදර ප්‍රදේශයේ සිට මධ්‍යම රාත්‍රීයේ ත්‍රීරෝද රථයකින් ඉහත ස්ටැපල් වීදියේ රූපලාවන්‍යාගාරය අසලට පැමිණ සිටිය දී එම ස්ථානයෙන් ගමන් කළ තරුණයින් 5 දෙනෙකු විසින් මරණකරු සමඟ පැමිණි ඔහුගේ මිතුරියට උසුළු විසුළු කර ඇත.
 
එහිදී ඇති වු ආරවුලක්  මත අදාළ තරුණයින් 5 දෙනා විසින් මොහුට පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.
 
පහර දීම සිදුකල සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් 17 හා 24 යන වයස් වල පසුවන කොම්පඤ්ඤ වීදිය , පොල්ගස්ඕවිට හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages