රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පරාජය කිරීම අභියෝගයක් නොවේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පරාජය කිරීම අභියෝගයක් නොවේ

Author(s): 
අසේල කුරුළුවංශ

මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා

ජාති හා ආගම් බේදයෙන් තොරව එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයාට සියලු ජනතාවගේ සහාය හිමිවන බැවින් ජාතිවාදය කරපින්නා ගත් රාජපක්ෂ පවුලේ අපේක්ෂයා ඉදිරි ජනපතිවරණයේ දී පරාජය කිරීම අභියෝගයක් නොවන බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලයේ දී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා සියලු පාර්ශ්වයන් සූදානම් වෙමින් සිටින බව අපි දන්නවා.මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ තේමාව වන්නේ අලුත් රටක් හදන්න අලුත් නායකයෙක් එක්ක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එකයි.රාජපක්ෂ පවුලේ අයට දෙන්න තියෙන අලුත් රට මොකක්ද?, රාජපක්ෂ පවුලෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අලුත් රට මොකක්ද?මේ අය මොනවද මේරටට ඉතිරි කළේ? අන්තිමේට එංගලන්තේ කුණු මේ රටට දෙන්නත් මූලික වුණේ මේ අයයි.

චීනෙන් ගත්ත මහා ණය බරක් රටට උරුම කළා.මේ රටේ වටිනා ඉඩම් ටික විදේශිකයන්ට සින්නකර ලබා දුන්නා.රාජපක්ෂ පවුලේ ට්‍රැක් රෙකොඩ් එක ජනතාවට මතකයි.ඒ නිසා තමයි මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂව ගෙදර යැවුවේ.

මහින්ද රාජපක්ෂගේ සහෝදරයා ගොඨාභය ආරක්ෂක ලේකම් හැටියට ප්ලේ කරපු ට්‍රැක් රොකෝඩ් එක අපි දන්නවා.ආරක්ෂක මුලස්ථානය සින්නකරව චිනයේ සැන්ඩ්‍රිල්ලා සමාගමට විකුණලා අන්තිමේදී ආරක්ෂක මුලස්ථානය බත්තරමුල්ලේ අකුරේගොඩ හදන්න තමන්ගේ හිතවත් කොන්ත්‍රාත්තාරයකුට දුන්නා.ඒ කොන්ත්‍රාත්කාරයා මිලියන ගණනක පොල්ලක් තිබ්බා. දැන් ඒවා විමර්ෂනය කරනවා.නාවික හමුදාව ගෙන ගිය ආරක්ෂාව සම්බන්ධ වැඩපිළිවෙළ තමන්ගේ හිතවතෙකුගේ කොම්පැනියට දුන්නා.නාවික හමුදාව පුද්ගලිකරණය කරපු මනුස්සයා අද රට හදන්න බලය ඉල්ලන්න උත්සහ කරනවා.තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන් කොත් හදන්න,කෞතුකාගාර හදන්න මේ රටේ ජනතාවගේ බදු මුදල් මං කොල්ල කාපු මිනිස්සු කොහොමද රට හදන්නේ.අමෙරිකන් පුරුවැසියෙක් හැටියට අමෙරිකාව සමඟ ආරක්ෂක ගිවිසුම් ගහලා 2010 දි ඇමරිකාවට මේ රටට එන්න පාර හදලා දුන්නේ මේ අයයි.

ගෝඨාභය නිර්භය,කෙලින් වැඩ කරන ක්ලීන් මිනිහෙක් කියලා කියන්න පොහොට්ටුවේ අය උත්සහ කරනවා.තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළාම තමන්ට පුළුවන් වෙන්න ඕන නිර්දෝෂි බව ඔප්පු කරන්න.ඒත් මෙයා කරන්නේ නඩු කල් දා ගන්න රුපියල් මිලියන ගණන් වියදම් කරන එකයි.රාජපක්ෂ පවුලට ගෑවුණු කෙනෙක් ඒකාලේ හිටියා නම් එයාට ආණ්ඩුවේ ලොකු පුටුවක් දෙන එක තමයි රාජපක්ෂ ප්‍රතිපත්තියෙ වුණේ.මේ අය රාජ්‍ය ආයතනවලට විනාශය අදටත් හිතා ගන්න බැහැ.රාජපක්ෂ කඳවුරට අද තියෙන ලොකුම බය සජිත් ප්‍රේමදාසයි.ඒක අපිට අරුමයක් නෙවෙයි.සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සුදුසුකම් අහනවා.සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සුදුසුකම් අහන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තියෙන සුදුසුකම මොකක්ද කියලා අහන්න ඕන.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages