රටේ දුෂ්කරතා-අසීරුතා තුරන් වී ජාතීන් අතර සුහදතාව වර්ධනය වේවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

රටේ දුෂ්කරතා-අසීරුතා තුරන් වී ජාතීන් අතර සුහදතාව වර්ධනය වේවා

හජ් උත්සව පණිවුඩය නිකුත්කරමින් ඇමැති රවුෆ් හකීම් කියයි

පරිත්‍යගශීලීභාවය හා ඉවසිලිවන්තකම වඩ වඩාත් උගන්වන ඊදුල් අල්හා නමැති හජ් උත්සවය දිනයේ දී රටේ පවතින දුෂ්කර තත්ත්වය,අසීරු වාතාවරණය තුරන් වී ජාතීන් අතර අවබෝධතාවය හා සුහදතාවය වර්ධනය වේවා යනුවෙන් සර්ව බලධාරී අල්ලාහ් ( දෙවියන් වහන්සේ) ගෙන් ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යපන අමාත්‍යංශ රවුෆ් හකීම් මහතා සිය හජ්ජි උත්සව පණිවුඩයෙන් සඳහන් කර ඇත.

අැමැති හකීම් මහතා සිය හජ් උත්සව පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ , ඉබ්රාහිම් ( නබි ) තුමාණන් එතුමාගේ පුත්‍ ඉස්මායිල් නබිතුමාණන් සහ හාජරා මව්තුමිය යන අය සිය ජිවිතයෙහි ඉටු කළ පරිත්‍යාගයන් ඓතිහාසිකව සිහි කරන සංකේතයක් හැටියට මෙම හජ්ජි උත්සවය ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු සමරති.

එම සංකේතයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු පතා ඉටු කරන හජ් වන්දනාව සඳහා ලොවේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම,ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කරයි.

අප රටේ ජාතීන් අතර ඇති වී තිබෙන දූරස්ථභාවය වර්ධනය වී පවතින මොහොතක අපි තවත් ශුද්ධ වූ හජ්ජි උත්සව දිනයකට මුහුණ පා සිටින්නෙමු.මුස්ලිම් සමාජයට එරෙහිව වේදනාකාරී, පීඩනකාරී,වෛරය හා ක්රෝපධය මතු කරන ප්‍රකාශන පවතින පසුබිමක බියෙන් හා සැකයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාවගේ සතුට හා සාමය ප්‍රර්ථනා කරන්නෙමි.

මිනිස් ජිවිතයේ සියලු අවස්ථාවන්හි දී දුකේ දී, සහ සැපේ දී, දුප්පත්වූවද, පොහොසත්වූව ද පරිත්‍යාගශීලීව,ඉවසීමෙන් කටයුතු කිරීමට හජ්වන්දනාව මඟ පෙන්වයි.

අප රටේ සහ ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත ජනතාව ශුද්ධ වූ හජ්ජි උත්සවය සමරන සියලු දෙනාගේ ජීවිතයට දීප්තිමත් ,පිබිදීම් ඇති වේවායි හෘදයංගම සුභාශිංසන එක් කරමි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages