තරුණ තරුණියන්ට පිළිගැනීමක් ඇගයීමක් දෙන්න ශ්‍රී ලංකා ජාතික ස්වේච්ජා සේවය ආරම්භ කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

තරුණ තරුණියන්ට පිළිගැනීමක් ඇගයීමක් දෙන්න ශ්‍රී ලංකා ජාතික ස්වේච්ජා සේවය ආරම්භ කරනවා

තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ

ශ්‍රි ලංකාවේ ස්වේච්ජා සේවයේ යෙදි සිටින මෙ රටේ තරුණ තරුණියන්ට කිසිදු පිළිගැනීමක් ඇගයීමක් මෙතෙක් කාලයක් නො ලැබෙමින් එයින් ඈත් වෙමින් සිටින තරුණ තරුණියන් ඒ සදහා යොමු කර හදුන්වා දීම ඔවුන්ට වටිනාකමක් ලබා දිම සදහා ශ්‍රී ලංකා ජාතික ස්වේච්ජා සේවය ආරමිභ කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පැවැසිය.

ශ්‍රි ලංකා ජාතික ස්වේච්ජා සේවාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම සදහා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දි (06) පසුගියදා පස්වරුවේ පැවති මාධය හමුවකට සහභාගි වෙමින් නීතිඥ එරන්දන වැලිඅංගේ මහතා මෙසේ ද පැවැසිය.

දශක හතරකට වැඩි කාලයක් මෙ රටට සේවාවක් කරපු ජාතික තරුණ සේවා සභාව මගින් තාරුණ්‍ය හැටියට පුලුවන් ලොකුම දේ වැදගත්ම දේ අද අපට කරන්න හැකි වුණා.වසර තුනක තුන හමාරක කාලයක් මෙ රටේ අමාත්‍යංශ සමග සම්බන්ධිකරණය කරලා මෙ රටේ ස්වේච්ජාවෙන් වැඩ කරන තරුණ තරුණියන්ට වටිනාකමක් ඇගයීමක් දෙන්නට අපට හැකි වුණා.

මෙ රටට නිදහස ලැබිලා වසර හැත්තැවක පමණ කාලයක් ‍ෙම් රට පාලනය සිදු වුනත් මේ කිසිම අවස්ථාවක ස්වේච්ජාවෙන් වැඩ කරන තරුණයකුට ‍ෙහා් තරුණියකට කිසිදු පිළිගැනීමක් කිසිදු වටිනාකමක් ලබා දුන්නේ නෑ.ඒ නිසා අපිට වගකීමක් යුතුකමක් තිබිබා ඔවුන්ට වටිනාකමක් ලබා දෙන්න.

මේ ජාතික තරුණ ස්වේච්ජා සේවය මිට සති දෙකකට පමණ පෙර කැබිනට් අනුමැතිය ලැබුණා.ඒ අනුව මේ වන විට ජාතික තරුණ ස්වේච්ඡා සේවය රටේ ජාතික තරුණ ප්‍රතිපත්තියක් රටේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තියෙනවා.

මේ රටේ සියලු දේවල් සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ විවේචන තමයි තියෙන්නේ.ඒ නිසා අපි ඔනැම ප්‍රදේශයකට ගියොත් ඔනැම ජන කොට්ඨාසයකින් යමි යමි දේවල් පිළිබඳ මත විමසුවහොත් ඔවුන් සියලු දෙනා කියන්නේ දේශපාලනයෙදි වුනත් වෙනත් කුමන ක්ෂේත්‍රයක දි වුනත් මෙ රටේ තරුණයො ඒ සදහා නායකත්වය ගත යුතුයි කියලා.

අපි ඉන්නේ තාක්ෂණික යුගයක.මෙ යුගයේ තරුණයො තාක්ෂණයත් සමග ගණු දෙණු කරත් දි තරුණයකු ගෙදරින් එළියට ඇවිල්ලා ස්මාර්ට් දුරකථනයෙන් එළියට ඇවිල්ලා සමාජයේ කටයුතු වලට සමිබන්ධ වෙන්නේ.

මේ තුළින් අවුරුදු 15-29 ත් අතර තරුණ තරුණියන්ට විවිධ පැතිකඩ ඔස්සේ ස්වේච්ජා සේවයේ නිරත වන්නට පුලුවන්.පරිසර සංරක්ෂණය සෞඛ්‍ය ගමේ සංවර්ධන කටයුතු වලට අපදා අවස්ථා වල දි වැනි විවිධ පැතිකඩ ආවරණය වන පරිදි සමිභන්ධ වෙන්න පුලුවන්.

මේ සම්බන්ධවිමෙන් පසු අවස්ථාවන් තුනක් ඔස්සේ ඇගයිමට ලක් කරනවා.පළමු අවස්ථාව ලෙස මාස හයක කාලයක් පැය 36 ක් ස්වේච්ජා සේවයේ නිරත වුවහොත් ඔවුන්ට ලෝකඩ පදක්කමක් ලබා දෙනවා.මාස හයක කාලයක් තුළ පැය 48 ක කාලයක් ස්වේචිජා සේවයේ නිරත වුවහොත් රිදි පදක්කමක් ලබා දෙනවා.වසරක කාලයක් ස්වේච්ජා සේවයේ නිරත වුවහොත් අපි ඔවුන්ට රන් පදක්කමක් ලබා දෙනවා.

මිට අමතරව මේ අවස්ථා තුනේ දිම සහතිකයක් ලබා දෙනවා.මේ සහතිකය ලබා ගන්නා තරුණයකුට හා තරුණියකට විශ්ව විද්‍යාල ප්‍රවේශයේ දි ලකුණු ලබා දිමක් ලබා දෙනවා.2020 වසරේ සිට රාජ්‍ය අංශයේ හො පෞද්ගලික අංශයේ රැකියා ලබා දිමේ දි අපි විශේෂ ලකුණු ප්‍රමාණයක් මේ ස්වේචිජා සේවයේ සහතිකයට ලබා දෙනවා.රැ.

අපි මේ (17) වන දින ස්වේච්ජා ලේකම් කාර්යාලයක් පිහිටුවනවා.ඒ ස්වේච්ජා ලේකම් කාර්යාලය ප්‍රාදේශිය වශයෙන් දිස්ත්‍රික වශයෙන් ජාතික වශයෙන් ඇගයිමි කටයුතු සිදු කරනවා.

ජාතික යෞවන සමාජ සමිමේලනයේ ලේකම් ෂෙහාන් ‍ෙකා්සල කන්නන්ගර මහතා ද මේහි දි අදහස් දැක්විය.

අරුණ ඩයස්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages