දළදා වඩින මග මතකයට යමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

දළදා වඩින මග මතකයට යමක්

නූතන සමාජ සන්දර්භයෙහි විපරිවර්තිත යුගයක ආරම්භය අනුරපුර යුගයේහි කිත්සිරිමෙවන් රජ දවස වූ බව පෙන්වා දිමට හැකිය.

හේමමාලා කුමරිය හිසින් දරා ගෙන ලක්දිවට වැඩම වූ දළදාව සමග ශිෂ්ට මානව සමාජයක් නිර්මාණයට පදනම ශක්තිමත් විය.

එදා සිට අද දක්වා සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් සමග දෙස් විදෙස් මානව හදවත් ශිෂ්ට කිරීමට මහත් ආශිර්වාදයක් දළදා වහන්සේගෙන් ලැබිණ.

සිරිත් ප්‍රකාරව මේ ඇසළ මාසයේත් දළදා පෙරහැර මහනුවර විදී දිගෙ වඩිනු ඇත.

නන් දෙසින් පැමිණි උවැසි උවැසියන් කරඩුව වඩම්වන මංගල හස්තියා වඩින තුරු බලා සිටියි.

මහමළුව අවට සිට, වැව රවුමේ බෙන්ච් එකක වාඩි වී පෙරහර නරඹිමට කවුරුත් පොරකති.

]හිරු නැගෙන උදෑසනින්ම පෙරහැරට ඉඩ අල්ලා ගන්න එන පිරිස මේ දිනවල දක්නට වේ.

පෙරහැර නරඹන ඔබ අප සියල්ලෝම මහනුවර වීදී දිගේ ඉතිරි කර යා යුත්තේ මතකයක් පමණි.

ගෙදරින් ගෙනා පත්තර කඩදාසියේ සිට අන් සියල්ල මේ විදී පුරා ඉතිරිකර යාම දළදා සංස්කෘතියෙන් පෝෂණය වූ අපිට අකැපය.

මේ ලෝක උරුම නගරය අප සතු උරුමයකි.

එය අපවිත්‍ර කිරීමට අපට අයිතියක් නොමැත.එසේ ම තමා සතු අපද්‍රව්‍ය අනුන් ලවා බැහැර කිරීමට බිය සහ ලජ්ජා විය යුතුය.

නගරය අපවිත්‍ර නොකරමු.

පිරිසිදු සිතින් පිරිසිදු විදියක සිට පෙරහැර බලමු.

තාරුක ගමආරචිචි මාධ්‍ය ඒකකය - ශ්‍රි දළදා මාලිගාව

No comments:

Post a Comment

Post Bottom Ad

Pages