රටේ අනාගතය ස්වර්ණමය යුගයකට ගෙන යන චේතනාවෙන් සන්ධානය සකසනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

රටේ අනාගතය ස්වර්ණමය යුගයකට ගෙන යන චේතනාවෙන් සන්ධානය සකසනවා

ඇමැති සුජීව සේනසිංහ

රටේ අනාගතයට ස්වර්ණමය යුගයක් බිහිකරන පිරිසිදු චේතනාවෙන් සන්ධානය සකස් කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ( කැබිනට් නොවන) අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී පසුගියදා (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේ ය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා තිබූ අවස්ථාවේදී සන්ධානගතවීම හා ව්‍යවස්ථාව ගැන සාකච්ඡා වුණා. මෙම මැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් . අපි එය ජග්‍රහණය කරනවා. ඒ සඳහා හැකියාව අප පක්ෂයට තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයා සඳහා සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරන්න කියා මා කිව්වා. වෙන නම් යෝජනා වී තිබේ නම් ඒවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණය කරන්න පුළුවන්. සන්ධානය පිහිටෙව්වාත් එහි ලේකම්ධූරය එක්සත් ජාතික පක්ෂය දැරිය යුතුයි යන දැඩි මතයේ අපි සිටිනවා. මම දේශපාලනමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගැනීමේ ස්ථානයේ සිටිනවා.

ඒ වෙනුවෙන් තනතුරු පසෙකලා කතා කළා. සිරිකොත කේන්ද්‍රස්ථානය වූ මීට වඩා ලොකු සන්ධානයක් හදන්න ඕන කියන අදහස තිබෙනවා. රටේ අනාගතයට ස්වර්ණමය යුගයක් බිහිකරන පිරිසිදු චේතනාවෙන් සන්ධානය හැදුවා. අපිට අවශ්‍ය කරන්නේ පුළුල් සන්ධානයක්. ඊට අදාල ව්‍යාවස්ථාව සංශෝධන සිදුකරන්න තිබෙනවා. ඒ සන්ධානයට ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ හා පොහොට්ටුවේ කිහිපදෙනෙක් එකතු වෙන්න සිටිනවා.

රාජපක්ෂවරු බියවන අපේක්ෂකයා අපි ළඟ ඉන්නවා. කීර්තිමත් දේශපාලන ඉතිහාසයක් තිබෙන , වැඩක් කරපු පුද්ගලයෙක් අපි ළග ඉන්නවා. දූෂණය , පවුල්වාදය , මිනීමැරුම් වලට වග කියන්නේ නැති පිරිසිදු පුද්ගලයෙක් අපි ළඟ ඉන්නවා. අපි බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යි.

 චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages