සිම්බාබ්වේ පනස් ලක්‍ෂයකට අධික පිරිසක් ආහාර අර්බුදයක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-07

සිම්බාබ්වේ පනස් ලක්‍ෂයකට අධික පිරිසක් ආහාර අර්බුදයක

සිම්බාබ්වේ රාජ්‍යයේ පනස් ලක්‍ෂයකට අධික පිරිසක් ආහාර අර්බුදයකින් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් ඊයේ(06) පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
නියගය හේතුවෙන් පිරිසිදු පානීය ජලය අවශ්‍යව සිටින පිරිස විසිලක්‍ෂයකට අධික බව වාර්තා වේ. ආහාර අර්බුදයට සහව සැලසීම සඳහා ලෝක ආහාර වැඩසටහන මගින් සිම්බාබ්වේ රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 331ක් ලබා දීමට ද පියවර ගෙන තිබේ. 
 
ජල හිඟය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වී ඇත. එසේම ජල හිගය නිසා ප්‍රදේශ රැසක විදුලිය ද අත්හිටුවීමට පියවර ගෙන ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages