ජනපති අපේක්ෂකයා තනිව නම් කිරීම පො.පෙ-ශ්‍රීලනිප සාකච්ඡාවලට යම් බලපෑමක් සිදුවිය හැකියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

ජනපති අපේක්ෂකයා තනිව නම් කිරීම පො.පෙ-ශ්‍රීලනිප සාකච්ඡාවලට යම් බලපෑමක් සිදුවිය හැකියි

මහ ලේකම් දයාසිරි ජයසේකර

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ, දැනට පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවලට යම් බලපෑමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිනමිණට ඊයේ (11)පැවසීය. දේශපාලන වශයෙන් සන්ධානයක් ගොඩනැගීමෙන් පසු අපේක්ෂකයෙක් නම් කිරීම සාමාන්‍යයෙන් සිදු කරන නමුත් පක්ෂ දෙක අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී පොදුජන පෙරමුණ තනිව අපේක්ෂයා නම් කර තිබීම සදාචාර සම්පන්න නොවන බවත් ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳ පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ සාකච්ඡා කර ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවත් කෙසේ වෙතත් මේ වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

චමීර ඇල්ලදෙණිය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages