ඩේන් වැන් සහ ඩු ප්ලෙසි දකුණු අප්‍රිකාවේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

ඩේන් වැන් සහ ඩු ප්ලෙසි දකුණු අප්‍රිකාවේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනති

ෆෆ් ඩු ප්ලෙසි සහ ඩේන් වැන් නයිකර්ක් දකුණු අප්‍රිකාවේ වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූහ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පෙරේදා ප්‍රිටෝරියා නුවරදී පවත්වනු ලැබූ වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලේදී එම සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

ඩු ප්ලෙසි එම සම්මානයට පාත්‍රවූ පළමු අවස්ථාව මෙය වූ අතර දකුණු අප්‍රිකානු කාන්තා පිලේ නායිකා ඩේන් පසුගිය වසර හතරක කාලය තුළ එම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙය විය.

වසරේ ක්‍රීඩකයා සම්මානය සමග ඩු ප්ලෙසි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයත් දිනා ගත්තේය.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ක්වින්ටන් ඩි කොක් දිනා ගත් අතර ඩේවිඩ් මිලර් වසරේ විස්සයි20 ක්‍රීඩකයා ලෙසත්, කගීසෝ රබාඩා ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙන් වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙසත් තේරී පත්වූහ.

වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මාරිසෙන් කේප් සම්මාන දිනූ අතර ශබ්නිම් ඉස්මායිල් වසරේ විස්සයි20 ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages