ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සමඟ සුළං - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-10

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සමඟ සුළං

දිවයිනේ සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

                                   මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                  2019 අගෝස්තු මස 10 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුවේ යැයි බලාපොරොත්තු වේ.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහල යා හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

                     ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                       2019 අගෝස්තු මස 10 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක. උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(60-70) දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.    

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages