රාජපක්ෂ පවුල මොන අපේක්ෂක ඉදිරිපත් කළත් දිනන අපේක්ෂක එජාපෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

රාජපක්ෂ පවුල මොන අපේක්ෂක ඉදිරිපත් කළත් දිනන අපේක්ෂක එජාපෙන්

ජනාධිපතිවරණයට රාජපක්ෂ කඳවුර කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළද ගම ඉල්ලන දිනන අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා රුපියල් මිලියන 2300 කට අධික වියදමින් මතුගම - අලුත්ගම යා කරන නව මාර්ග පද්ධතිය හා පාලම් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව මාලාවකට එක්වෙමිනි.

ගොවි කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපතිවරුන්වන ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග වැනි නායකයන් බිහිවූයේ එක්සත් ජාතික පක්ෂයෙන් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

2015 ට වඩා පුළුල් සන්ධානයක් මෙවර ගොඩනගන බවත් ඒ සඳහා රටේ සමස්ත බහුතරය‍කගේ මනාපය දිනාගනිමින් ජනාධිපතිවරණයට හා එළඹෙන මහා මැතිවරණය අති විශාල ජයක් ලබා ගන්න බවට අමාත්‍යවරයා අවධාරණය කරයි.

නොයෙකුත් බාධක මැද පසු ගිය සිව් වසර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකළ වත්මන් රජයට ජාත්‍යන්තරව විශාල පිළිගැනීමක් තිබෙන බවත් ජනතාවට වැදගත් හා ගෞරවාන්විත ජීවත්වීමේ සමත් වටපිටාවක් මෙම ආණ්ඩුව ගොඩනැඟූ බවත් ඉදිරි මැතිවරණයෙන් පසුව ගොඩනගන්නේ වසර දහයකටවත් මැතිවරණයක් අවශ්‍ය නැති තරමට ශක්තිමත් ආණ්ඩුවක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා - “අපි ජීවිත පරදුවට තබා 2015 දී දේශපාලන තීන්දුවක් ගත්තා. මහින්ද රාජපක්ෂ දූෂිත පාලනයට විරුද්ධව තීන්දු ගන්න අපි බිය වුණේ නැහැ. එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ‍යෝගය මත පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. 80 දශකයෙන් පසුව ජාතික ප්‍රශ්නය ඇතුලු ර‍ටේ ප්‍රධාන ප්‍රශ්න විසඳා ගැනීමේ සුබවාදී බල‍ාපොරොත්තුවෙන් අපි ජාතික ආණ්ඩුවකට පිවිසුනා. ඒ කාලයේ දී බැසිල් මහතා රට හැරගොස් තිබුණා. මහින්ද මහත්තයා කාල්ටන් ගියා. එවැනි තත්ත්වයක් තුළ අපි මහ මැතිවරණයකට ගියා නම් විශිෂ්ට ජයක් ලබන්න පුළුවන්කම තිබුණා. නමුත් පක්ෂයේ ජයග්‍රහණයට වඩා ර‍ටේ ජයග්‍රහණය ගැන සිතා එදා වැඩකටයුතු කළා.

එම දේශප්‍රේමී තීන්දුවෙන් වර්තමානයේ දේශපාලන අර්බුද රැසක් මතුවුණා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එක් වූ ඇමැතිවරු ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම නිසා ආණ්ඩුව අපහසුතාවට පත් වුණා. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව අංශක 180කින් වෙනස්වීම නිසා අපි ආ ගමන වෙනස් වුණා.

ජනතාවට පොරොන්දු වුන මහින්ද ආණ්ඩුවේ මිනීමරුවන්, හොරුන්, දූෂිතයින්ට දඬුවම් කිරීමට නොහැකි වුණා. අද ඒ දූෂිතයින්, මිනීමරුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්. එම නිසා එතුමාගේ ප්‍රතිපත්ති හා මතවාද සියල්ල වෙනස් වී ඔහු පරණ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන්ගත්තා. එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවෙයි. එම පාලනයට විරුද්ධව තමයි අපි ඇමැතිධුර අතහැරලා එළියට ආවේ.

එවැනි බාධක මැද තමයි අපි සංවර්ධන වැඩ කටයුතු සිදු කළේ. මෙම හේතු නිසා. ලසන්ත වික්‍රමතුංග , එක්නැලිගොඩ ද ඇතුලු උතුරේ ජනමාධ්‍යවේදින් 39 ක් ඝාතනය කළා. ඔවුන් ඝාතනය කළේ උතුරේ සිදු වූ අසාධාරණකම් වාර්තා කිරීම නිසා. මෙවන් දේවල් සිදුවුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි.

අද පවතින මාධ්‍ය ආයතනවලට ඒවා අමතකයි. ජනමාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාවර කරමින් ශ්‍රී ලාංකික ජනතාවට ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය වත්මන් රජය ලබාදී තිබෙනවා. පසුගිය රජය වැඩි පොලියට ගත් වාණිජ ණය ගෙවමින් රට සංවර්ධනය කිරීමේ අභියෝගය සාර්ථකව සිදු කරනවා. නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට වැඩිම මුදල් වෙන් කළේ යහපාලන රජයයි. මෙම තත්ත්වයන් තේරුම් ගත් ජාත්‍යන්තරය අපේ අගමැතිට උදවු කරනවා. ඒ අපේ ආණ්ඩුව ගැන තිබෙන පැහැදීම නිසා.

වත්මන් ආණ්ඩුවට තිබෙන බාධක හා ප්‍රශ්න ගැන ජාත්‍යන්තරයට නිවැරදි අවබෝධයක් තිබෙනවා. ඖෂධ මිල අඩු කරමින්, ස්ටෙන්ට්, අක්ෂි කාච නොමිලේ ලබාදෙමින්, පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව ප්‍රතිකාර සේවාවන් සපයමින් නිදහස් සෞඛ්‍ය සේවාව ස්ථාපිත කර තිබෙනවා. මෙවැනි සේවාවක් රටේ මහජනතාවට ඉටු කළත් සමහරුන් අපේ ආණ්ඩුවට ධනපති ආණ්ඩුව යැයි පවසනවා. එම සියලු සේවාවන් සිදු කළේ දුප්පත් ජනතාවටයි. ප්‍රථම වතාවට ඇමරිකානු පුරවැසියෙක් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් තව ටික දවසකින් බ්‍රිතාන්‍ය ජාතිකයොත් එයි. ඡන්දය ඉල්ලන්න.” මෙවර 2015 වඩා පුළුල් සන්ධානයක් ගොඩනගමින්, ජයග්‍රහණය ස්ථිර ලෙස තම සන්ධානය සතු කර ගන්නා බවත්, මහජනතාවට අපත් සමඟ එකතු වන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය කබීර් හෂීම් මහතා මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් පින්නගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages