JMI තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-06

JMI තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ, සමාජිකයින් තිදෙනා දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව, පොලීසිය පවසයි.

ඒ අනුව, ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 මෙතෙක් කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරුවන් මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල කඳවුරුවලදී පුහුණුව ලබා ඇති බවයි.

ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමකින් එලෙස අත්අඩංගුවට පත් වුණේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් නමැති අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages