රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගා­ව­ලිය 2019 - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-21

රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගා­ව­ලිය 2019

21 සැප්තැම්බර්, 2019

රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එක චොක්ලට් රස, සිය සතා­කා­රක දාය­ක­ත්වය සමග 89 වන ජොන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය අති උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්වූහ. කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 17,000 ක් මෙවර තර­ඟා­ව­ලිය සඳහා සහ­භාගී වීමට නිය­මි­තයි. මෙම තර­ඟා­වි­ලියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සඳහා වන තර­ඟා­ව­ලිය පසු­ගි­යදා සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්විණි. මෙයට 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ කාණ්ඩ­යන් යටතේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහ­භාගී වනු ඇත. මහ­නු­වර, වෙන්න­ප්පුව සහ මාතර යන ප්‍රදේශ වල පැවැ­ත්වුනු කලා­පීය තර­ඟා­වලි වලින් සුදු­සු­කම් ලැබූ 13න් පහළ, 14 න් පහළ, සහ 15 න් පහළ කාණ්ඩ­යන්ගේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට කනිෂ්ඨ අව­සන් තර­ඟා­ව­ලිය සඳහා සහ­භාගී වීමට අව­ස්ථාව හිමි­ක­ර­ගෙන ඇති අතර, එම තර­ඟා­ව­ලිය නොවැ­ම්බර් මාස­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages