ඉන්දීය-ද.අප්‍රිකා විස්සයි20 සම වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

ඉන්දීය-ද.අප්‍රිකා විස්සයි20 සම වෙයි

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 79ක් රැස් කරමින් ඉන්දියාවට එරෙහිව පෙරේදා රාත්‍රී පැවැති අවසන් විස්සයි20 තරගයෙන් දකුණු අප්‍රිකානු පිලට කඩුලු 9ක පහසු ජයක් අත්කර දුන්නේය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර පැවැති විස්සයි20 තරගාවලිය 1-1කින් සමකර ගැනීමට ද දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

තරග 1-0කින් පසුබෑමකට ලක්ව සිටිමින් අවසන් තරගයට එක්වූ දකුණු අප්‍රිකානු පිලේ බලාපොරොත්තු ඉහළ දැමූ කගීසෝ රබාඩා ඇතුළු පන්දු යවන්නන් ඉන්දීය පිල ලකුණු 134කට සීමා කිරීමෙන් පසුව පිටියට පිවිස දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ නායක ඩි කොක් පන්දු 52කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් ඕවර 3කුත් පන්දුවක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු රීසා හෙන්ඩ්රික්ස් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ටෙම්බා බවුමා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages