කොළඹට ඇවිත් පුද්ගලයෙක් දව­ස­කට දාන කුණු ප්‍රමාණය කිරැවොත් හරියටම ගාන දන්නවද? - ඒකට ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-12

කොළඹට ඇවිත් පුද්ගලයෙක් දව­ස­කට දාන කුණු ප්‍රමාණය කිරැවොත් හරියටම ගාන දන්නවද? - ඒකට ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න

කොළඹ නග­රයේ සිටින හා පිට පළා­ත්ව­ලින් කොළ­ඹට එන සෑම පුද්ග­ල­ය­කුම දින­කට කුණු කසළ ග්රෑම් 850ක් පරි­ස­ර­යට බැහැර කරන බව අලුත්ම සමීක්ෂණ වාර්තා මගින් සොයා ගෙන තිබෙන කරුණක්. එසේම බස්නා­හිර පළාතේ හා ඒ අවට ප්‍රධාන නග­ර­ව­ලට ද ඒ ගැට­ලුව ඇති අතර ඒ අනුව ඒ නග­ර­ව­ලට එන පුද්ග­ල­යකු පොදුවේ දව­ස­කට අප­ද්‍රව්‍ය ග්රෑම් 700 – 750 ප්‍රමා­ණ­යක් ඉහත නග­ර­ව­ලට බැහැර කරනු ලබන අතර, අර්ධ නගර හා ග්‍රාමීය ප්‍රදේ­ශ­වල එක් පුද්ග­ල­ය­කුගේ කසළ බැහැර කිරීම ග්රෑම් 500 – 300 දක්වා අතර අගයක් ගනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය කාලය පුරාවටම කසල නිසි කළමනාකරනයකින් තොරව ඔහේ දැ කිසියම් හෝ ස්ථානයක තාවකාලිකව ගොඩ ගැසීම නිසා ඛේදවාචකයක් වූ බව මීතිටමුල සිදුවීමෙන් අපට ගත හැකි උදාහරණ වේ. මැතිවරණ කාලයට විවිධ පොරොන්දු දී බලයට පත් වූවත් කොළඹ සහ තදාසන්න නගරවල එකතුවෙන කසල ප්‍රමාණයට විසඳුම් සොයා ගැනීමට ඒ ඒ නග සභා සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්, සභාපතිවරුන් මෙන්ම නගරාධිපතිවරුන්ද තවමත් සමත් වී නැත.

එහෙත් කසල කළමනාකරනයට යැයි කියමින් පිටරට සවාරි වල කරක් ගැසීම නම් ඔවුන් වාර්ෂිකව සිදුකරනු ලබන ක්‍රියාවලියකි.

කරුණු මෙසේ සිදුවෙද්දී 2017 අප්‍රේල් 14 වැනිදා මීතො­ට­මුල්ල කුණු කන්ද කඩා වැටී­මෙන් පසු මීතො­ට­මුල්ලට කසල බැහැර කිරීම නැවැත්වීමෙන් පසුව කොළඹ ඇතුළු තදා­සන්න නග­ර­වල තැනින් තැන කසළ කුණු ගොඩ­ගැ­හෙ­න්නට විය. එම ගැට­ලුව තාව­කා­ලික විස­ඳුම් ලෙස බස්නා­හිර හා මහ නගර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ‍සංවර්ධ­නය කිරීමේ සංස්ථාව මඟින් මෙම වත්තල කෙර­ව­ල­පි­ටිය ප්‍රදේ­ශයේ ඉඩ­මක් කොළඹ කසළ දැමී­මට අවු­රු­ද්ද­කට පමණ කාල­ය­කට ලබා­දෙන ලදී.

ඉන්පසුව තවදුරටත් කසල සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාවය දැනුනු හෙයින් ඒ සඳහා සුදුසු ක්‍රියාවලියක් කෙරෙහි වැඩකටයුතු සකස් කරන්නට සහ වැඩපිළිවෙලක් එළි දක්වන්නට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංයට වගකීමක් භාර දීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළකොට ඒ සඳහා වැඩකටයුතු සිදු කෙරුණි.

ඒ අනුව මෙරට ඉදිවන විශාලතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකි අරුවක්කාලු මහා පරිමාණ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් දිනකට අපේ රටේ කුණු මෙට්‍රික් ටොන් 1200 පමණ කළමනාකරණය කිරීමට වැඩකටයුතු සූදානම් කර එම වැඩපිළිවෙල සකස් වී ඇත.

අවශ්‍ය සියලු පාරි­ස­රික හා අනෙක් පහ­සු­කම් ඉටු කර අරු­ව­ක්කාලු කසළ අංග­ණ­යට පරි­සර හිත­කාමී අයු­රින් දුම්රිය මඟින් කසළ ගෙන යාම­ටත්, කසළ මෙට්‍රික් ටොන් 1200 ක් දැමී­ම­ටත් හැකි අයු­රින් 2020 මාර්තු මාසයේ සිට අරු­ව­ක්කාලු කසළ අංග­නයේ කට­යුතු සම්පූ­ර්ණ­යෙන් අව­සන් කරන බවටයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කැලණියේ පිහිටුවන පරිසර හිතකාමි අපද්‍රව්‍ය රැඳවුම් හා හුවමාරු මධ්‍යස්ථානයෙනි. එයට රැගෙන එන්නේ කොම්පෝස්ට් කිරීමට බැරි දිරන්නේ නැති හා ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ නොහැකි අපද්‍රව්‍ය පමණි. ඊට පසු ඒ අපද්‍රව්‍යය මුලින් ම දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ. එවිට එන කුණු වතුර නළ මඟින් කැලණියේ ම ඉදිකරන පිරිපහදු මධ්‍යස්ථානයකට යොමු කෙරේ. පසුව මේ ජලය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතියට පිරිසුදු කර මුදා හරිනු ඇති.

ඉන්පසු එම අපද්‍රව්‍ය මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනයට මෙරටට ගෙන්වන සුවිශේෂ බහලුම් වලට දමනු ලැබේ. ඒවා සම්පූර්ණ ලෙස ආවරණය කර තිබේ. කුණු ප්‍රවාහනයට සෞඛ්‍ය අංශ අනුමත කර‍ ඇති මේ කන්ටේනර් පසුව අදාළ දුම්රිය තට්ටු මත ස්ථානගත කරනු ලැබේ. කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය මඟින් පිටවන අප ජලය හා අපද්‍රව්‍යවල දුර්ගන්ධය පිටට යෑම වැළැක්වීමට එම ස්ථානය සම්පූර්ණ ලෙස ආවරණය කරනු ලැබේ. දුගද අවශෝෂණය කර ගැනීමට ද සුදුසු කටයුතු කරනු ඇත.

අරුවක්කාලු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි මේ අනුව කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයේදිත් අපද්‍රව්‍ය කන්ටේනර් මඟින් ප්‍රවාහනයේදිත් කිසිම පරිසර හානියක් හෝ ජනතාවට අහිතකර බලපෑමක් හෝ සිදු නොවේ. පසුව මෙම කන්ටේනර් හෙවත් බහලුම් අරුවක්කාලුවලට දුම්රියෙන් ගෙන එනු ලැබේ. පසුව දුම්රියෙන් ට්‍රක් රථවලට පටවන මේ බහලුම් පසුව අරුවක්කාලු කසළ අංගණයට දමනු ලැබේ.

මෙම අරුවක්කාලු යන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජන ශුන්‍ය ප්‍රදේශයකය. ඒ ප්‍රදේශයේ සිට ළඟම පිහිටි ගම්මානයට මීටර් 500 – 600 දුරය. ඒ නිසා මෙම කසළ අංගණයේ අපද්‍රව්‍යවල කිසිම බලපෑමක් ඒ ජනතාවට හෝ ඔවුන්ගේ ළිං වලට හා භූගත ජලයට ඇති වන්නේ නැත.

එමෙන්ම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ අංගණය යට කසළ දමන බිමට කසළවල අප ජලය භූගත ජලයට මිශ්‍ර නොවීමට මීටරයක් පළල ජල පරිවාරක ආරක්ෂිත ස්තර කිහිපයක් අතුරනු ලැබේ.



No comments:

Post a Comment

Post Bottom Ad

Pages