යටිතල පහසුකම් සපයන්නේ නම් මෙරට දී සජීවී අක්මා බද්ධ සැත්කම් කිරීමට සූදානම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

යටිතල පහසුකම් සපයන්නේ නම් මෙරට දී සජීවී අක්මා බද්ධ සැත්කම් කිරීමට සූදානම්

ලොව ප්‍රමුඛතම අක්මා බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහොමඩ් රෙලා

ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නේ නම් ශ්‍රී ලංකාව තුළ සජීවි අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදුකිරීමට තමා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සූදානම් බව ලොව සාර්ථකම සහ ප්‍රමුඛතම අක්මා බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා ප්‍රකාශ කරයි.

මොහොමඩ් රෙලා මහතා පෙන්වා දෙන්නේ, ඒ සඳහා, නිසි පදනමක් යටතේ ශ්‍රී ලංකා රජය, තම වෛද්‍ය කණ්ඩායමට, ආරාධනය කළ යුතුව ඇති බවයි. එවැනි ආරාධනාවක් ලද විගස, මෙරට සිටින වෛද්‍යවරු සමඟ සජීවි අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා සාර්ථක වැඩපිළිවෙළක් දියත් කළ හැකි බව ද මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා (25) කොළඹ shangri -LA හෝටලයේ පැවැති අක්මා රෝග සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ඉන්දියාවේ චෙන්නායි හි DR. RELA INSTITUTE AND MEDICAL CENTRE රෝහල මඟින් සංවිධානන කළ මේ වෛද්‍ය හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාය.

වෛද්‍ය හමුවේ දී, අදහස් දැක් වූ මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දක්ෂ වෛද්‍යවරු සිටින බවත් ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ, අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට අදාළ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ හැකි බවත්ය.

මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා මහා බ්‍රිතාන්‍යයේ කිංග්ස් යුනිවර්සිටි, හොස්පිටල් කොලේජ්හි, අක්මා බද්ධ කිරීමේ පීඨයේ මහාචාර්යවරයා ද වේ.

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශවල නිගමනය වන්නේ ලොව සාර්ථකම හා වැඩිම සජීවි අක්මා බද්ධ ශල්‍ය කර්ම සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ ද මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා විසින් බවයි. ඒ මහතා සිදුකර ඇති සජීවි අක්මා බද්ධ කිරීමේ සැත්කම් ප්‍රමාණය පන් දහසකට ආසන්න වේ.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා, වසර දහයක පමණ කාලයක සිට, අපි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සමඟ කටයුතු කරනවා. ඉන්දියාවේ වෛද්‍යවරුන්ට සමානව, මෙරට වෛද්‍යවරු දක්ෂ පිරිසක්. ඒ නිසාම තමා

ඔවුන් සමඟ කටයුතු කරන්න තීන්දු කළේ. ගත වූ වසර දහය තුළ ශ්‍රී ලංකාවේ අක්මාව අක්‍රීයවීම හෙවත් සිරෝසිස් රෝගී තත්ත්වයෙන් සිටි සියයකට අධික රෝගීන් පිරිසකට සජීවි අක්මා බද්ධ ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීමට හැකි වුණා. ශල්‍ය කර්මයෙන් අනතුරුව මෙරට දී ඔවුන් රැක බලා ගන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු. මා සමඟ සිටින්නේ ලෝකයේ දක්ෂතම, අක්මාව බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම බව නොපැකිළව ප්‍රකාශ කළ හැකියි. ඔවුන් හැමෝම මහා බ්‍රිතාන්‍යයේ කිංග්ස් යුනිවර්සිටි

කොලේජ් හොස්පිටල් එකේ ( Kings Coolege Hospital, London) පුහුණුව ලැබූ පිරිසක්. Dr Rela Institute And Medical Centre රෝහල ආසියානු කලාපයේ තිබෙන අති නවීන පහසුකම්වලින් සමන්විත එකම රෝහල බව නොරහසක්. අති නවීන ශල්‍යාගාර 14ක්,

සහිතව දැඩි සත්කාර ඒකකයේ, ඇදන් 130ක් ඇතුළු සමස්ත ඇදන් 450කින්, මෙය සමන්විතයි. මගේ තිස්වසරක වෘත්තීය ජීවිතයේ, සජීවී අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්ම පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. ඒක වාර්තාවක්. මට අවශ්‍ය වුණේ මරණය අභියස අසරණව සිටි සිරෝසිස් රෝගීන්ට අලුත් ජීවිතයක් දෙන්න.

ඒක අතිශය දුෂ්කර ක්‍රියාවලියක්. නමුත් අවසානයේ මරණ මංචකයේ සිටි රෝගීන්ට ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් ඇති කළා.

මමත් මගේ වෛද්‍ය කණ්ඩායමත් සූදානම් ශ්‍රී ලංකාවට උදවු කරන්න. දැනටමත් Rela Institute and Medical Centre රෝහලේ වෛද්‍යවරු ලෝකයේ රටවල් ගණනාවක සජීවි අක්මා බද්ධ කිරීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඕමානය හඳුන්වන්න පුළුවන්. අපේ වෛද්‍ය කණ්ඩායම ඕමානයට, ගොස් අක්මා බද්ධ ශල්‍ය කර්මය සිදු කරනවා. ශ්‍රී ලංකාව සමඟ මම කැමතියි ඒ ආකාරයට දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව අපට හැකිවෙනවා දැනුම හුවමාරු කර ගන්න. ඒ විතරක් නොව තාක්ෂණය ද හුවමාරු කර ගැනීමට හැකි වෙනවා. ශ්‍රී ලංකා රජය එක දෙයයි කළ යුත්තේ, ඊට අවශ්‍ය

යටිතල පහසුකම් සැකසීම හා නිසි ප්‍රවේශයක් යටතේ, අපේ වෛද්‍ය කණ්ඩායමට ආරාධනය කිරීම පමණයි. ශ්‍රී ලංකා රජය ඒ අවස්ථාව ලබා දෙන්නේ නම්, අපගේ වෛද්‍ය කණ්ඩායම පැමිණ, මෙරට වෛද්‍යවරුන් සමඟ ඒකාබද්ධව ශල්‍ය කර්ම සිදුකළ හැකියි. ඒ අනුව ඉන්දියාවේ විස්වාසවන්ත අසල්වාසී රාජ්‍ය වන ශ්‍රී ලංකාවට සහාය වන්න, අපේ වෛද්‍ය කණ්ඩායම සූදානමින් සිටිනවා.

මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා, දැනටමත් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ ද අක්මා බද්ධ ශල්‍ය කර්මය සිදු කිරීම 2015 දී ආරම්භ

කර ඇති බවත් එය තව දුරටත් ශක්තිමත්ව වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙහි දී Rela Institute and Medical Centre රෝහලේ සම්බන්ධීකරණ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම ද සිදුවිය.

මේ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් මහතා, ඉන්දියාවේ Dr Rela Institute and Medical Centre රෝහලේ අක්මා බද්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගෝමතී නාරාසිම්හාන් ( Dr. Gomathy Narasimhan), අක්මා රෝග විශේෂඥ වෛද්‍ය

දිනේෂ් ජෝතිමනී (Dr. Dinesh Jothimani), අක්මා බද්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේශ් ශන්මුගම්. (Dr. Naresh Shanmugam)

මෙරට අක්මා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය (Hephatologist) අනුරාධ දසනායක. කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා රෝග අංශයේ මහාචාර්ය ශාමෙන් රාජේන්ද්‍රජිත් (Shaman Rajindrajith) ඇතුළු වෛද්‍ය

කණ්ඩායමක්, Dr Rela Institute and Medical Centre රෝහලේ මෙරට නියෝජිත MFA රියාස් මහතා සහ මහාචාර්ය මොහොමඩ් රෙලා මහතා විසින් ඉන්දියාවේ දී අක්මා බද්ධ ශල්‍ය කර්මය සිදු කළ මෙරට රෝගීහුද සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages