පොහොට්ටුව වගේ අපේ පක්ෂය ඒකාධිපති නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

පොහොට්ටුව වගේ අපේ පක්ෂය ඒකාධිපති නෑ

14 සැප්තැම්බර්, 2019

වනා­න්තර ගිනි තැබීම් හා ගිනි ගැනීම් වළක්වා වන­පෙත් සුර­ක්ෂි­තව තබා ගැනී­මට පරි­සර අමා­ත්‍යාං­ශය මගින් ගෙන තිබෙන වැඩ­පි­ළි­වෙළ කුමක්ද?

ගිනි ගැනීම් හේතු දෙකක් නිසා ඇති­වෙ­නවා. පළ­මු­වැන්න පාරි­ස­රික ක්‍රියා­කා­ර­කම් නිසා; දෙවැන්න මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා‍. මේවා ලෝකයේ බහු­ලව දක්නට ලැබෙන ගැටලු. පසු­ගිය දින­වල ඇමේ­සන් වනා­න්ත­ර­යේත් මෙවැනි ගිනි ගැනීම් තුන් දාහ­කට වඩා පව­තින බවට තොර­තුරු වාර්තා වුණා. මේ ගිනි ගැනීම් වැළැ­ක්වීම සඳහා අපි ෆයර් බෙල්ට් (Fire Belt) එහෙ­මත් නැති­නම් ගිනි පටි සකස් කර­නවා.

මේ මඟින් ගින්නක් ඇති වූ විට එය සිය­ලුම වනා­න්තර කරා ව්‍යාප්ත වීම වළ­කි­නවා.‍ ඒ වගේ ම වොච් හට් (Watch Hut) හැදී­ම­ටත් බලා­පො­රොත්තු වෙනවා. වනයේ කොත­නක හෝ ගිනි ගැනී­මක් සිදු­වෙ­නවා නම් ඒ ගින්න මේ මඟින් නිරී­ක්ෂ­ණය කර අදාළ ක්‍රියා­මාර්ග කඩි­න­මින් ගන්න පුළු­වන්. වනා­න්තර ගිනි ගත් පසු හැකි ඉක්ම­නින් ගින්න නිවා දමා පසුව ඒ විනාශ වූ ප්‍රදේ­ශ­වල වන වගාව තමයි කරන්න තියෙන්නේ.

කැලෑ ගිනි­ගත් ප්‍රදේ­ශ­වල අලු­තින් පැළ සිටු­වීමේ ව්‍යාපෘති මේ වන­විට ක්‍රියා­ත්මක වෙන­වාද?

ඔව්! ක්‍රියා­ත්මක වෙනවා. ඒත් ගැට­ලුව තියෙන්නේ ගිනි ගන්න ප්‍රමා­ණ­යට අනුව අලු­තින් පැළ සිටු­වී­මට අපිට ආර්ථික වශ­යෙන් හයි­යක් නෑ. දැනට හොයා­ගෙන තිය­නවා විවිධ විපත් නිසා හෙක්ට­යාර් අනූ­ප­න්ද­හ­සක යළි වන වගාව සිදු කළ යුතු බව. වගා කරලා විත­රක් බෑ‍. වගාව වසර හත­රක් යන­තු­රු­වත් බලා ගන්න ඕනෑ‍. ඒ සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් ලක්ෂ හත­ර­ක්වත් යනවා. මේ හෙක්ට­යාර් අනූ­ප­න්ද­හසේ පැළ සිටු­වී­මට විශාල මුද­ලක් වැය වෙනවා. පැළයි, සල්ලියි තිය­නවා නම් හෙට වුණත් වගා කරන්න පුළු­වන්.

විවිධ සංවි­ධාන මේ වන වගාව සඳහා ආධාර උප­කාර කරන්න ඉදි­රි­පත්වී තිබෙ­න­වාද?

මේ වන­විට ලංකා බැංකුව හෙක්ට­යාර් සීයක් වගා කරන්න බාර අරන් තිය­නවා. අපිත් සමඟ ගිවි­සු­ම්ග­තව ඊට එක­ඟවී තිබෙ­නවා. මේ වවන වනය වසර තිස් පහක් යන­තුරු කිසිදු හේතු­වක් නිසා කපන්න බෑ. දැනට හබ­රණ කැලේ හෙක්ට­යාර් සීයක් වගා කර­නවා. ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය මඟින් හෙක්ට­යාර් හාර­සිය පණ­හක් වගා කිරී­මට ගිවි­සුම් මේ වන­විට සකස් කර­මින් පව­ති­නවා. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය මඟින් හෙක්ට­යාර් එක­සිය දහ­යක් වගා කරන්න ලෑස්තියි‍. ඒ වගේ රාජ්‍ය හා පෞද්ග­ලික ආය­ත­න­ව­ලට අපි ආරා­ධනා කර­නවා. මේ උතුම් කාර්ය­යට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙස. කැළේ ගිනි තිය­නවා, කප­නවා වගේ යළි ගස් සිටු­වීම ලේසි පහසු වැඩක් නොවේ. ඒක ‍දුෂ්කර වැඩක්. මිලි­යන ගණ­නින් පැළ ඕනෑ‍; ඒ වගේ ම මුදල් ඕනෑ‍.

එංග­ල­න්ත­යෙන් ලංකා­වට ගෙනා කුණු කන්ටේ­නර් යළි ඒ රටට ම යවන බව කීවත් තවම එවැ­න්නක් සිදුව නෑ. මේ පිට රටින් ගෙන්නූ කුණු­වල වත්මන් තත්ත්වය කෙබඳු ද?

මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ නඩු­වක් තිබෙ­නවා. ඒ නඩුව අනුව අදාළ අධි­ක­රණ ක්‍රියා­මාර්ග සිදු­වෙ­නවා.

මේ කුණු දැන් කොහෙද තියෙන්නේ.

අදාළ තීරණ ලැබෙන තුරු ඒ තිබුණු තැන්ව­ලම සීල් තියලා ඒවා තව­මත් තියෙ­නවා. ඒවා අවි­ධි­මත් ලෙස බැහැර කරන්න අපි ඉඩ ලබා දෙන්නේ නෑ.

මධ්‍යම පරි­සර අධි­කා­රි­ය­ටත් චෝදනා එල්ල වුණා, මේ කුණු කන්ටේ­නර් ගණන් ගෙන්නද්දී මධ්‍යම පරි­සර අධි­කා­රිය කොහෙද හිටි‍යේ කියලා.

මෙතන ප්‍රශ්නය තියෙන්නේ පසු­ගිය රජය කාලේ ‘හබ් ලෙගි­යු­ලේ­ෂන්’ කියලා පනත් පාස් කරලා ති‍යනවා. එම­ඟින් කියන්නේ වෙළෙඳ කලා­ප­වල තියන ආය­ත­න­ව­ලට සාමාන්‍ය නීති­ව­ලට පිටින් මේ වගේ දේවල් ගේන්න පුළු­වන්. හැබැයි ඒකේ ‍තියෙනවා මේ ගෙන්වන සියලු ම දේ ප්‍රති­අ­ප­න­ය­නය විය යුතුයි කියා. වෙනත් රේගු ආඥා පනත් ඊට අදාළ නෑ. පසු­ගිය රජය ඒ සියල්ල ඉවත් කර තමයි මෙය සම්මත කරලා තියෙන්නේ. හැබැයි බී.ඕ.අයි. එකේ වැරැ­ද්දක් තිය­නවා; ඒ නිල­ධාරි මහ­තුන් මේ ක්‍රමය පරි­සර අමා­ත්‍යාං­ශ­යෙන් විම­සන්න ඕනෑ, එය පරි­ස­රි­යට හිත­කාමී ද කියා. ඊට අපේ නිර්ණා­යක ගන්න ඕනෑ. මෙත­නදී අපේ නිර්ණා­යක අරන් නෑ. ඒ නිසා එතන ප්‍රශ්න­යක් තිය­නවා. මේවා ගෙන්නන කර්මා­න්තය මොකක්ද කියලා වෙළෙඳ කලා­පය විම­සන්න ඕනෑ. පන­තෙන් රිංගලා තමයි මේවා ගෙන්නලා තියෙන්නේ අපි­වත් දැනු­වත් නොකර.

මේවා ගෙන්වපු අයට නීත්‍යා­නු­කූල පිය­ව­රක් ගන්න­වද?

ඔව් දැන­ට­මත් ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ නඩු­වක් පව­ති­නවා.

ජන­ප­ති­ව­ර­ණය දැන් ආස­න්න­ය­ටම ඇවිත් තිබු­ණත් එජාප ජන­පති අපේ­ක්ෂ­කයා තවම නම් කර නැත්තේ ඇයි? පක්ෂයේ අර්බුද නිසා ද?

පක්ෂයේ අර්බුද නැත්තෙ නෑ; තියෙ­නවා. අපේ­ක්ෂ­කයා තවම නම්කර නැත්තේ අර්බුද විස­ඳ­ගන්න බැරි නිසා නෙවෙයි. සාමා­න්‍ය­යෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­ප­ත්තිය තමයි මැති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කළාට පසුව හෝ ඒ එක්කම තමයි අපේ අපේ­ක්ෂ­කයා තෝරන්නේ. අපි ප්‍රමාද නෑ. නමුත් ගැටලු තියෙ­නවා. පොහො­ට්ටුව කියන්නෙ ඒකා­ධි­පති තීන්දු තීරණ ගන්න පක්ෂ­යක්. ඒ අයට තියන එක ම දේ රාජ­පක්ෂ කියන වාස­ගම තියෙන්න ඕනෑ. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පවුලේ කෙනෙක් වෙන්න ඕනෑ‍; ඥාති­යෙක් වෙන්න ඕනෑ. කවුද මැති­ව­ර­ණ­යට ඉල්ලන්නේ කියලා තීන්දු කරන්නේ මහින්ද රාජ­ප­ක්ෂයි.

ඒක බොහෝම සරල ක්‍රම­යක්. අපිට එහෙම කරන්න බෑ. එජා­පය පවු­ල­කට සීමා­වෙලා නෑ. අපේ සාමා­ජි­ක­යෙක් හැම කෙනෙ­කුට ම අයි­ති­යක් තිය­නවා ජන­පති අපේ­ක්ෂ­ක­යෙක් ලෙස පත්වෙන්න. ඒ තුළ බලය පිළි­බඳ ප්‍රශ්න­යක් ඇති­වෙ­නවා. බල අර­ග­ල­යක් ඇති වෙනවා. මහින්ද මහ­ත්ත­යා­ලගේ පක්ෂයේ බල අර­ග­ලය තියෙන්නේ පවුලේ උද­විය අතර පම­ණයි. අනික් අය ඉල්ලන්න ඕනෑ කිව්වට වැඩක් නෑ. නිමල් සිරි­පාල ද සිල්වා මහ­ත්තයා ඡන්දෙ ඉල්ලන්න ඕනෑ කිව්වට වැඩක් නෑ. එයා රාජ­පක්ෂ කෙනෙක් නෙවෙයි. දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­ත්ත­යාට ජන­ප­ති­ව­ර­ණ­යට එන්න ඕනෑ කිව්වට වැඩක් නෑ.

එයත් රාජ­පක්ෂ කෙනෙක් නෙවෙයි. විමල් වීර­වංශ හරි­යන්නේ නෑ‍. ඉතින් එයා­ලගේ ඉතා ස‍ීමිත පිරි­සක් තමයි ජන­ප­ති­ව­ර­ණ­යට ඉල්ලන්න සුදු­සු­කම් ලබන්නේ. අපේ­ක්ෂ­කයා නම් කරන කොටත් මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අණ තමයි අණ. ඊට එරෙහි වීමට කාට­වත් බෑ. ඒක සර­ලයි. ඒත් අපේ ක්‍රමය සංකී­ර්ණයි. අපි අපේ­ක්ෂ­කයා තෝරන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ව්‍යුහ­යක් තුළයි. ජන­පති අපේ­ක්ෂ­කයා තීන්දු වූ පසු අපි එකා­වන්ව ඔහු දින­වී­මට ක්‍රියා කර­නවා.

පසු­ගිය අඟ­හ­රු­වාදා පැවැති සාකච්ඡා සුබ­වාදී යැයි සජිත් ප්‍රේම­දාස මහතා කියා සිටි­යත් එජාප අපේ­ක්ෂ­කයා තවම කර­ලි­යට පැමිණ නෑ.

සාක­ච්ඡා­වක් කියන එක එක දව­සින් එක මොහො­තින් ඉවර වෙන්නේ නෑ‍. සාකච්ඡා පිය­වර ගාණක් යයි. කුමන තීන්දු­වක් ලැබු­ණත් සජිත් ප්‍රේම­දාස මහ­තාත් අපිත් සිය­ලුම දෙනා ඒ තීන්දු­වට හිස නව­නවා.

වත්කම් බැර­කම් ප්‍රකාශ ලබා නොදුන් කැබි­නට් ඇමැ­ති­ව­රුන් කීප දෙනෙක් ගැන මාධ්‍ය හෙළි­ද­රව් කළා. ඒ අතර ජන­පති අපේ­ක්ෂක ධූරය ඉල්ලන සජිත් ප්‍රේම­දාස මහ­තාත් ඉන්නවා. මේ වගේ සුළු දෙයක් ඉදි­රි­පත් නොකර ඔහු පිළි­බඳ සමාජ විශ්වා­ස­යක් ඇති කළ හැකිද?

පසු­ගිය කාලේ නම් වත්කම් බැර­කම් ප්‍රකාශ කවු­රු­වත් ඉදි­රි­පත් කෙළේ නෑ. ඒක නීති­යක් විදි­යට විත­රයි තිබුණේ. අපේ රජය ආවට පස්සේ වංචා දූෂණ මැඬ­පැ­වැ­ත්වීම යටතේ මේවාට ලොකු බරක් දුන්නා. වත්කම් බැර­කම් ප්‍රකාශ ලබා නොදු­න්නොත් දඩය රුපි­යල් දාහයි මා හිතන්නේ. නමුත් වර්ත­මාන රජය වංචා සිදු­විය හැකි හැම අංශ­යක් ම වහ­න්නයි මෙවැනි පිය­ව­රක් ගන්නේ. මෙතෙක් කල් ආපු පැවැත්ම අනුව හුඟක් අය ඒ ගැන හිතන්නේ නෑ‍‍.‍ ඒක තමයි ඊට හේතුව. සජිත් ප්‍රේම­දාස මහතා තම වැටු­ප­වත් තමාට දෙන වාහ­න­ය­වත් අනෙ­කුත් වර­ප්‍ර­සා­දත් ලබා නොගන්නා අයෙක්. එයා අලුත් ආදා­යම් හොයන කෙනෙක් නෙවෙයි. මේවා නොදීම ගැන චෝද­නා­වක් එල්ල කිරීමේ හැකි­යාව තිය­නවා.

රූප­වා­හිනී සංස්ථාව ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට යට­තට පවරා ගැනී­මෙන් මාධ්‍ය නිද­හ­සට යම් බල­පෑ­මක් සිදු­වෙ­න­වාද?

අපේ රජය විවිධ අද­හස් ගරු කරන විවිධ අද­හ­ස්ව­ලට ඉඩ දෙන රජ­යක්. මෙය පවරා ගැනීමේ ජන­ප­ති­ව­ර­යාගේ අර­මුණ අපි දන්නේ නෑ. ජන­ප­ති­ව­ර­යාගේ ඇතැම් ක්‍රියා­වලි හරි­ය­නවා. තව සම­හර ක්‍රියා­වලි වර­දි­නවා. සම­හර ඒවා නීති­යට එකඟ නොවන බව අධි­ක­ර­ණය තීන්දු කර­නවා.

වෙන ජන­ප­ති­ව­රුන් සිටි ස්ථාව­රය හරි ප්‍රබ­ලයි. ඒවා වෙනස් වෙන්නේ නෑ‍. යම් කෙනෙ­කුට එය වැරැ­දියි යැයි හැ‍‍ඟෙනවා නම් අධි­ක­ර­ණ­යට යන්න පුළු­වන්. ජන­ප­තිට විරුද්ධ නඩු­වක් පව­රන්න පුළු­වන්. දැන් ඉස්සර වගේ නොවේ.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages