බුදුදහමේ අසිරිය විඳි අසහාය නායකයාට ප්‍රංශ ජනතාවගේ ගෞරවාදර සොව පළ කෙරෙති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

බුදුදහමේ අසිරිය විඳි අසහාය නායකයාට ප්‍රංශ ජනතාවගේ ගෞරවාදර සොව පළ කෙරෙති

ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් ෂිරාක් (Jacques Chirac) මහතා (86) ඉකුත් බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූයෙන් ඒ මොහොතේ සිට ප්‍රංශ ජනතාව‍ගේ සොව පළ කරමින් පවතින අතර ඒ නිමිත්තෙන් ශෝක දිනයක් ලෙස අද (30 දා) ප්‍රංශ රජය ප්‍රකාශයට පත් කළේය.

ප්‍රංශයේ පැරිස් අග නගරයේ පිහිටි බ්‍රවාද වැන්සන් බෞද්ධ විහාරය වසර 1978 දී උසස් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමේ ගෞරවය ජැක් ෂිරාක් හිටපු ජනාධිපතිවරයාට හිමි වේ.

ජැක් ෂිරාක්මහතා ප්‍රංශයේ වසර 12 ක් ජනාධිපති ධුරය හෙබ වු අතර ප්‍රංශයේ වර්තමාන ජනාධිපති එමානුවෙල් මැත්‍රොන් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රංශ ජනතාව අමතා රූපවාහිනි මාධ්‍ය ඔස්සේ සොව පළ කළේය. ප්‍රංශයේ ජනාධිපති නිල මන්දිරය වන එල්සේ (Elysee) ඉකුත් බ්‍රස්පතින්දා (26 දා) රාත්‍රී 9 සිට ජනතාවට විවෘත වූ අතර අභාවප්‍රාප්ත ජැක් ශිරාක්මහතා වෙනුවෙන් ශෝක පණිවිඩ සටහන් තැබීමට ප්‍රංශ ජනතාවට ඉන් අවකාශ ලැබුණි.

වම් පස ඡායාරූපයෙන් දිස් වෙන්නේ ජැක් ෂිරාක් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා වන අතර දකුණු පස ඡායාරූපයෙන් දිස්වෙන්නේ ප්‍රංශයේ වර්තමාන ජනාධිපති එමානුවෙල් මැත්‍රොන් මහතා මෙවර (2019) ප්‍රංශයේ ජාතික දිනය (ජූලි 14 දා) සැමරු අවස්ථාවයි. ඉහළ ඡායාරූපයේ දිස්වෙන්නේ ප්‍රංශයේ බ්‍රවාද වැන්සන් බෞද්ධ විහාරයයි.

ප්‍රියංකා ඇස්. විජේසිංහ
ඡායාරූප - අන්තර්ජාලය හා ප්‍රියංකා

No comments:

Post a Comment

Post Bottom Ad

Pages