ව්‍යාජ රන්කාසි තොගයක් සමඟ සැක දෙකක් පොලිස් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

ව්‍යාජ රන්කාසි තොගයක් සමඟ සැක දෙකක් පොලිස් අත්අඩංගුවට

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදවමින් 28 වැනිදා සිදුකළ වැටලීමකින් නිධානයකින් ලබා ගත් බවට පවසමින් සිදුකර ගෙන ගිය ව්‍යජ රන්කාසි තොගයක් සහ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරුවන් ගෙන් රන්කාසි මිලදී ගන්නා බවට පවසමින් පොලීසිය උපාය දූතයකු හරහා කරන ලද සැලසුමකින් පසු අනුරාධපුර තලාවේ සිට පෑලියගොඩ මීගමු පාරේ සුපිරි වෙළද සලක් අසලට පැමිණි සැකකරුවන් පොලිස් උපාය දූතයන්ට රුපියල් ලක්ෂ පහළවකට රන්කාසි අලෙවි කිරීමට යාමේදී සැකකරුවන් දෙදෙනා මෙලෙස පොලිසියට කොටුවී ඇත.

රන් කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහකට අලෙවි කරන බව පවසා ඇති මේ ව්‍යජ ජාවාරම්කරුවන් ප්‍රථමයෙන් ගැණුම්කරුවන්ට හොද වර්ගයේ රන්කාසි සෝදිසි කිරීමට දී ගැණුම්කරුවන් විසින් එම රන්කාසි මිලට ගැනීමට එකඟ වීමෙන් පසු නැවත වාරයක් ඉතා සූක්ෂම අන්දමින් සැබෑ රන්කාසි ව්‍යජ රන්කාසිවලට මාරු කිරීම සිදුකරමින් මේ ජාවාරම සිදුකර ඇත.

ග්‍රෑම් එකක පමණ බරින් යුතු හොද වර්ගයේ සැබෑ රන්කාසි පරීක්ෂා කිරීමට දෙන මේ ජාවාරම්කරුවන් අත සැබෑ රන්කාසි හතරකුත් ව්‍යජ රන්කාසි 1400කුත් තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මීට පෙර ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුට මෙලෙස ව්‍යජ රන්කාසි අලෙවිකර රුපියල් ලක්ෂ පහළවක් වංචා කිරීම සම්බන්ධව අනුරාධපුර අධිකරණයේ නඩුවක් පවතින බවත් අම්බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ විසිපහක වංචාවක්ද තවත් අයකුගෙන් රුපියල් ලක්ෂ දහයක්ද ව්‍යජ රන්කාසි පෙන්වා වංචාකර පොලීස් ඇසට වැලිගසමින් සැඟව මේ ජාවාරම සිදු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 වැනිදා කොළඹ අළුත්කඩේ අංකපහ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලබන මස එකොළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ජාවාරමේ මහ මොළකරුව අනුරාධපුර අධිකරණයේ පවතින ලක්ෂ පහළවක වංචා නඩුවක් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අවශ්‍යව ඇති බව දන්වා ඇති බැවින් ඒ සඳහා සැකකරු බන්ධනාගාරයේ ආරක්ෂාව මත එම අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දන්වා ඇතැයි පොලීසිය පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන,බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න,කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් කැලණිය දිස්ත්‍රික් අංක එක සහකාර පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති මහින්ද විල්ලෝරාච්චි යන නිලධාරීන්ගේ උපදෙස් සහ අධික්ෂණය මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලිංටන් සිල්වා,පොලිස් පරීක්ෂක සංගීත්, උප පොලිස් පරීක්ෂක සමීර මංජුල,පොලිස් සැරයන් වරුන් වන 33507 ධර්මසිරි,23310 අබේනායක,පොලිස් කොස්තාපල් වරුන් වන 88617 හෙන්නායක,61030 සරත් චන්ද්‍ර, පොලිස් කොස්තාපල් රියදුරු16611 සිල්වා යන නිලධාරීන් විසින් මේ වැටලීම සිදුකර සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

රාගම සමූහ/මල්වාන සමූහ/දෙල්ගොඩ සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages