ලොව ලාබාලතම රාජ්‍ය නායකයා යළි ඔස්ට්‍රේලියාවෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

ලොව ලාබාලතම රාජ්‍ය නායකයා යළි ඔස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය මෙවරත් කන්සර්වේටිව් මහජන පක්ෂ නායක, සෙබස්තියන් කර්ස් හිමි කර ගෙන තිබේ. මැතිවරණ ඊයේ පැවැත්විණ.
 
ඡන්ද ගණන් කිරීම මුළුමනින්ම අවසන් වී ඇති අතර, සෙබස්තියන් කර්ස්ගේ පක්ෂය 38% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබේ. ඔවුන් හිටපු සන්ධානගත හවුල්කරු වන අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ, 17.3ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එය එම පක්ෂයේ තියුණු කඩාවැටීමක් ලෙස සැලකේ. පැවති සන්ධානගත ආණ්ඩුව බිඳ වැටීම, ඔස්ට්‍රේලියාවේ මෙම හදිසි මහ මැතිවරණය පැවැත්වීමට හේතුවයි.
 
කෙසේ වෙතත්, මෙවරත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සෙබස්තියන් කර්ස්ට තවත් පක්ෂයක් සමග සන්ධානගත වීමට සිදුවන බව වාර්තා වේ. මෙවර මැතිවරණයට මිලියන 6.4ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදසුකම් ලැබීය. 
 
සෙබස්තියන් කර්ස්ගේ ජයග්‍රහණය පිළිබඳ මුල සිටම ජනතාව තුල දැඩි විශ්වාසයක් පැවතියේය. ඔහු ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙස සැලකේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages