පාකිස්ථානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-10

පාකිස්ථානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට සහභාගි නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.
 
දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා එම තරග සංචාරයට එක් නොවන බව දැනුම්දී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (09) නිවේදනය කළේය.
 
එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම සංචාරයට සහභාගි නොවීම හේතුවෙන් පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ලහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
 
පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා නායකත්වය දසුන් ශානකට ලබාදීමට තීරණය කර ඇත. 
 
එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.  

No comments:

Post a Comment

Post Bottom Ad

Pages