පාකිස්තානයේ ආරක්ෂාව ගැන සැහීමකට පත්විය හැකියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

පාකිස්තානයේ ආරක්ෂාව ගැන සැහීමකට පත්විය හැකියි

Author(s): 
විජයානි එදිරිසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය

ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක

පාකිස්තානයට යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරටේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ලබා දෙන ආරක්ෂක විධි විධාන පිළිබඳ සොයා බැලීමක් සිදු කරනු ලැබු අතර එහි පවතින එම ආරක්ෂක කටයුතු පිළිබඳ සෑහිමකට පත්වූ බවත් අලුතින් ලැබෙන බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කර එම ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා පවසයි.

එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරීන් දෙදෙනෙක් පසුගියදා පාකිස්තානයට ගොස් ඉදිරි දිනක එරට ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට සුදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් යොදා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳ සොයා බැලීමට කටයුතු කළහ.

මේ අතර පාකිස්තානයට යෑමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් ඇති බවට විවිධ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත්වලට ප්‍රවෘත්ති පළ විය. මේ තොරතුරු හෙළිදරව් වී ඇත්තේ කෙසේද කාගෙන්ද යන්න පැහැදිලි තොරතුරක් නොවු අතර ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනකුද පෙරේදා පවසා සිටියේ මේ සම්බන්ධව පැහැදිලි තොරතුරක් ලැබි නොමැති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් පෙරේදා මේ ත්‍රස්ත ප්‍රහාර තර්ජනය ක්‍රිකට් ආයතනය මගින් මාධ්‍යයෙන් අනාවරණය කිරීමෙන් පසුව එහි ආරක්ෂක කටයුතු බාරව සිටින එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඒ මහතා ඉහත කරුණු පවසා සිටියේය.

‘පාකිස්තානයේදී අපේ ක්‍රීඩකයන්ට ලැබෙන ආරක්ෂාව පිළිබඳ අප සොයා බැලුවා. අපට සෑහීමකට පත්විය හැකි ආකාරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක් එරට ආරක්ෂක අංශ මගින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඕනෑම රටක තර්ජනයක් නැහැ තර්ජනයක් නැහැ කියන්න බැහැ. එහෙත් ඒවාට සුදුසු ආරක්ෂක පියවරන් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ රටේ වුවද විදෙස් රටවල්වල ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් විවිධ ආරක්ෂක වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරනු ලබනවා. පසුගිය යුද සමයේ වුවද අපේ රටේ විදෙස් රටවල්වල ක්‍රීඩා කණ්ඩායම් පැමිණ ක්‍රීඩා තරග වලට සහභාගී වුණා. ආරක්ෂක විධි විධානත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒවගේම යම් තර්ජනයක් හෝ වෙනත් ආරක්ෂාවට බාධාවන ආකාරයේ යමක් සිදු වෙනවා නම් අප ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර, ආරක්ෂාවට බාධා වන යම්දෙයක් සිදු වෙනවා නම් ආරක්ෂාව තහවුරු වන ආකාරයට යම් විධි විධාන අනුගමනය කළ යුතුයි. ඒ ආකාරයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායමට යම් තර්ජනයක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා නම් ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කර අවශ්‍ය පියවරයන් අනුගමනය කරනු ලබනවා. ආරක්ෂාව තහවුරු නොවේ නම් ඊට අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග නොගෙන ක්‍රිකට් කණ්ඩායම එවැනි සංචාරවලට සහභාගි කරන්නේ නැහැ. ලෝකයේ රටවල්වල විවිධ තර්ජන තිබිය හැකියි. එහෙත් වැදගත් වෙන්නේ ඒවාය මුහුණ දිය හැකි වාතාවරණයක් සකසා ගැනීමයි’ එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages