නව ව්‍යවස්ථාව බහුතරයෙන් සම්මත කිරීමට අපට වරම් දෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-09

නව ව්‍යවස්ථාව බහුතරයෙන් සම්මත කිරීමට අපට වරම් දෙන්න

Author(s): 
ජයසිරි මුණසිංහ
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික මහා ප්‍රදර්ශනයේ තුන්වැන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 07 වැනිදා යාපනයේදී විවෘත කැරිණි. එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා හින්දු චාරිත්‍රානුකූලව පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන එන අයුරුයි මේ. මුදල් ඇමැති මංගල සමරවීර, අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්තිරන්, එස්. ස්වර්ණභවන්, යාපනය නගරාධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්ම මහත්

* පළාත් සභා වැඩි බලතල දීමට හැකිවුණේ නෑ

* කමිටු මගින් යෝජනා රැසක් ක්‍රියාවට නැංවුවා

එන්ටර්ප්‍රයිස් යාපනය ප්‍රදර්ශනය විවෘත කරමින් අගමැති කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, පළාත් සභාවලට වැඩි බලතල ලබාදීමටත් ඉඩකඩ සැලසෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බහුතර බලයකින් සම්මත කරගැනීමට අපට ඉදිරි පාර්ලිමේන්තුවේදී වරම ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළේය. මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික මහා ප්‍රදර්ශනයේ තුන්වැනි ප්‍රදර්ශනය පසුගිය 07 වැනිදා සවස 4.00 ට යාපනය කොටුවේදී විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වසර 2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණය ජයගෙන සහ වසර 2015 අගෝස්තු 16 වැනිදා මහා මැතිවරණයෙන් ජයගෙන පිහිට වූ පාර්ලිමේන්තුව විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටුකිරීමට බලාපොරොත්තු වූ වැඩ කොටස් දෙකක් බහුතර බලය නොමැතිකමින් මෙතෙක් ඉටුකිරීමට නොහැකි වූ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කෙළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පළාත් සභාවලට වැඩි බලතල ලබාදීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බහුතර බලයකින් සම්මත කොට ලබාදිය යුතුයි. එසේ කිරීමට ඉඩක් නොලැබුණත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටු පිහිටුවා ජනතාවට ඉතා වැදගත් කරුණු ගණනාවක්, යෝජනා ගණනාවක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබුණු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ දැක්ම හා අරමුණ පෙරදැරිව මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම සියල්ල පිළිබඳව යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට දැනුම අවබෝධය හා මඟපෙන්වීම මෙවර ප්‍රදර්ශනයේදී සිදුවේ. රාජ්‍ය හා පෞද්ගලික අංශ සහ උතුරේ ව්‍යවසායක ප්‍රජාව නියෝජනය කරමින් විශාල ප්‍රදර්ශන කුටි ගණනාවක් මෙහි ඉදිරිපත් කොට ඇත‍.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‍මාධ්‍ය කලාපයේ ලංකාවේ සී/සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ආයතනය විසින් උතුරේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ගණනාවක් මෙහිදී ක්‍රියාවට නංවා ඇත.

උත්සව සභාව ඇමතූ අගමැතිවරයා මෙසේද කීය.

රටේ සංවර්ධනය, දියුණුව ඇති කරන්න සාමය අවශ්‍යයි. ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත්ව ගොඩනැගීම අවශ්‍යයි. අද වනවිට අපි මේ සියලු දේ ශක්තිමත්ව ඇති කිරීමට පියවර ගනිමින් ඉන්නේ. අපිට නැවත වතාවක් යුද්ධයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් යුද්ධයක් නැවත ඇතිවන විදිහට කටයුතු කළ යුතු වන්නේ නැහැ යැයි අගමැතිවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව අමතා මුදල් ඇමැති මංගල සමරවීර, අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, යාපනය දිස්ත්‍රික් ලේකම් නාදලිංගම් වේදනායගම් යන මහත්ම මහත්මීහු කතා කළහ.

මේ අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ස්වර්ණභවන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ. ආර්. දේශප්‍රිය, ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවල සභාපතිවරු, ඉහළ නිලධාරිහු, මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages