රටේ ඉහවහා ගොස් ඇති දූෂණයට වගකිව යුත්තේ වත්මන් දේශපාලන ක්‍රමයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-09

රටේ ඉහවහා ගොස් ඇති දූෂණයට වගකිව යුත්තේ වත්මන් දේශපාලන ක්‍රමයයි

ස්ටැසන් සමූහයේ සභාපති හැරී ජයවර්ධන

රටේ ඉහවහා ගොස් ඇති දූෂණයට වගකිව යුත්තේ වත්මන් දේශපාලන ක්‍රමය යැයි ද එය දේශීය ව්‍යපාර සඳහා සහ ව්‍යාපාරික පරිසරයට දැඩි බලපෑමක් කරන්නේ යැයි ද මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික දැවැන්තයකු වන, ස්ටැසන් සමූහයේ සභාපති හැරී ජයවර්ධන කොළඹ පැවැති ව්‍යාපාරික සමුළුවේ දී පවසා තිබේ.

'අපේ රටේ තිබෙන ප්‍රශ්නය දේශපාලනයයි. මාත් ඇතුළු අප සැම දෙනාම මේ දේශපාලනය විසින් දූෂිතයන් බවට පත්කර තිබෙනවා. මේ රටේ ප්‍රතිපත්තියක් නැහැ, විනයක් නැහැ, නීතියක් හරියට ක්‍රියාත්මක වන්නේ නැහැ' යැයි ජාතික අපනයනකරුවන්ගේ සංගමය අඟහරුවාදා (03දා) කොළඹ දී සංවිධානය කර තිබූ එක්ස්පෝර්ට් විෂන් 2030 සම්මේලනයේ දී ඔහු කීවේය.

රටේ ප්‍රතිපත්ති නිරන්තරයෙන් වෙනස් වීම සහ නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවලට තමන් ව්‍යාපාරිකයකු වශයෙන් ගොදුරක් වී ඇතැයි ද ඔහු මේ අවස්ථාවේ කීවේය.

'ප්‍රජාතන්ත්‍රවාදය බොහොම හොඳයි, ඒත් සෑම වසර පහකදීම අප ප්‍රතිපත්ති සහ ඉලක්ක අරමුණු වෙනස් කරනවා. අද දවස වන විට ආණ්ඩුව මට රැපියල් බිලියන 20ක් ණයයි. මේ දේ වෙන කෙනකුට වුණා නම් ඔහු මේ වන විටත් බංකොලොත් වෙලා' යැයි ද ඔහු කීවේය.

වත්මන් නීති පද්ධතිය මඟින් ව්‍යාපාරයන්ගේ නෛතික අර්බුද සමනය කිරීම සිහිනයක් පමණක් වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Òරටේ අනාගතය ගැන අවධානය යොමු කරමුÓ යන මාතෘකාව යටතේ මෙම ව්‍යාපාරික සමුළුව පැවැත්විණි. මෙහිදී අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන සහ 2030 අපනයන දැක්මට අදාල කරුණු සහ වියයුතු වෙනස්කම් සාකච්ඡාවට ලක් කෙරිණි.

ජයවර්ධන මහතා මෙසේ ද කීවේය, 'අපි ඉතිහාසය දෙසට හැරී බලා එයින් ඉගෙනගත යුතුයි. අප කළ වැරැදි මොනවාද? නිදහසින් පසු ගෙවුණු 70 වසරකදී අප ගමන් කළේ කොහාටද? 40 දශකයේ දී අප නිදහස ලබා ගත්තා. ඒ කාලයේ අපට ශ්‍රේෂ්ඨ නායකයෙක් හිටියා. ඩී. එස්. සේනානායකට කෘෂිකර්මාන්තය ගැන හොඳ දැක්මක් තිබුණා. මම හිතනවා ඔහු නිවැරැදියි කියලා. ඔබ වෙනත් දෙයක් කියවන්න කළින් ඔබගේ මිනිසුන්ව තේරුම්ගත යුතුයි. මේ රටේ මේ අවස්ථාවේ තිබෙන ප්‍රශ්නය අනෙකක් නොවෙයි දේශපාලනයයි. දේශපාලනය නිසා මාත් ඇතුළු අප හැම දෙනාවම දූෂිතයන් බවට පත් කර තිබෙනවා.

'බලන්න අපේ කිරි කර්මාන්තය දිහා. කිරි පිටි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට අපි ඩොලර් බිලියන ගණන් වැය කරනවා. ඊටත් වඩා වියදමක් දරා ආණ්ඩුව එළදෙනුන් ආනයනය කළා. උන් ලෙඩ එළදෙනුන්. අපට වැරැදුණේ එතැනයි. අප‍ට මෙහේ හැම දෙයක්ම තියෙනවා. අපි මොනවාද කරන්නේ?' එසේ කියූ ඔහු මෙසේද ඊට එක් කළේය 'සියල්ලම පිටරටවල්වලින් ගෙන ඒම අවශ්‍ය නැහැ කියන එක අප හොඳට තේරුම් ගන්න ඕනෙ.'

බුද්ධි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages