රට වෙනුවෙන් එකට සිටිමු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

රට වෙනුවෙන් එකට සිටිමු

බදුල්ල දිසාවේ වැඩසටහන් 1316ක් සාර්ථකව නිමයි
122000කට ප්‍රතිලාභ

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොව තුළ ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සිවුවන දිනය නිමාවන විට වැඩසටහන් 1316ක් සාර්ථක ලෙස නිමාවට පත් කර ප්‍රතිලාභීන් 122000කට පමණ ප්‍රතිලාභ ලබා දී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මේ වැඩසටහන අවසන් දිනයේ (27) බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවේ ග්‍රාම සේවා වසම් 567 තුළ වැඩසටහන් 409ක් ක්‍රියාත්මක කර ඇත.

මේ වැඩසටහන් අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති වැඩසටහන් වකුගඩු රෝග නිවාරණ වැඩසටහන් වකුගඩු රෝග නිවාරණ වැඩසටහන් ස්මාට් ශ්‍රී ලංකා වැඩසටහන් පරිසර සංරක්ෂණ වැඩසටහන් පෝෂණීය අහාර වැඩ සටහන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දරුවන් සුරකිමු වැඩසටහන් පරිසර හා රක්ෂිත සංරක්ෂණය, තොරතුරු දැන ගැනීමේ පනත, ජනපතිට කියන්න ඇතුළු විවිධ අංශ යටතේ වැඩසටහන් 145ක් ක්‍රියාත්මක විය.

මීට අමතරව ඌව පළාත් සභාව යටතේ ඇති විවිධ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යස්ථාපිත ආයතන හා පළාත් පාලන සංවර්ධන, ප්‍රජා සංවර්ධන, අධ්‍යාපන සංවර්ධන, යටිතල පහසුකම් සංවර්ධනය යන වැඩසටහන් යටතේ තවත් වැඩසටහන් 264ක් ක්‍රියාත්මක කර ඇති අතර, මේ වැඩසටහන් සඳහා ඉහළ ජනතා සහභාගීත්වයක් ද පැවතුණි.

මේ අතර බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවතුණ අතර, ජනාධිපති මත්ද්‍රව්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් අනුරාධ ජයසිංහ මහතා විසින් මෙහෙයවන ලද මේ වැඩසටහනේ දී දැනට රටේ විශාල වශයෙන් මත් උවදුර ව්‍යාප්ත වෙමින් පවතින නිසා එයින් රටට දයාද වන තරුණ පරපුර බේරා ගැනීම ගුරුවරුන්ගේ විශාල කාර්ය භාරයක් බවට පත්ව තිබේ. දැනට කාන්තා ජනගහණයෙන් 3% ක් මේ ව්‍යසනයට ගොදුරු ‍වී ඇත.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොව තුළ ග්‍රාම ශක්ති වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. මේ ග්‍රාම ශක්ති වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ වේවැස්ස, ඉලුක්තැන්න, හීන්නාරංගොඩ යන ග්‍රාම සේවා වසම්වල ආරම්භ කළ අතර, අද වන විට බදුල්ල දිස්ත්‍රිකයේ ග්‍රාම සේවා වසම් නමයක් තුළ ග්‍රාම ශක්ති වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මේ යටතේ ග්‍රාමීය ගොවි ජනතාවට ගොවි උපකරණ, කුකුළු පැටවු ලබාදීම මෙන්ම ගොවි ද්‍රව්‍ය විකිණීමට අලෙවි ස්ථානයක් ද විවෘත කර ඇත.

කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ගේ කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම හා දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කාන්තා හා ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පුහුණු වැඩසටහන් ද පැවැත්වීය.

අරුණ ඩයස්
ඡායාරූප දර්ශන කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages