කාන්තා ක්‍රිකට් පිල ඔස්ට්‍රේලියාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-23

කාන්තා ක්‍රිකට් පිල ඔස්ට්‍රේලියාවට

එක්දින ශෂිකලාට:විස්සයි20 චමරිට

එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධනත්, විස්සයි20 නායිකාව ලෙස චමරි අතපත්තුත් නම් කර තිබේ. මීට පෙර කණ්ඩායම් 2දීම නායකත්වය දරූ චමරි එක්දින පිලේ නායකත්වයෙන් ඉවත්කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ඉලක්ක කරමිනි. ඒ සඳහා සූදානම් වීමට ඇයට පීඩනය අවම කිරීම අරමුණ වූ බව කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු හර්ෂ ද සිල්වා කියා සිටී.

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඊයේ (22) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර දෙපිල අතර පළමු විස්සයි20 තරගය ලබන 29 වැනිදා සිඩ්නි නුවරදී පැවැත්වෙයි.

විස්සයි20 තරගාවලියේ සියළුම තරග සිඩ්නි නුවර පැවැත්වෙන අතර එක්දින තරගාවලියේ සියළු තරග බ්‍රිස්බේන් නුවර පැවැත්වෙයි.

එක්දින සහ විස්සයි20 සඳහා කණ්ඩායම් දෙකක් වශයෙන් නම් කර තිබුණ ද මේ කණ්ඩායම් 2හි එකම වෙනස වන්නේ නායකත්වයේ වෙනස පමණි. ඒ හැරුණු විට එක්දින හා විස්සයි20 තරග සඳහා නම් කර ඇත්තේ එකම කණ්ඩායමකි.

ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවලියට අයත් තරගාවලියක් ලෙස දෙපිල අතර එක්දින තරගාවලිය පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය ලබන වසරේ ලෝක කුසලාන තරගමාලාවට පෙර සූදානමක් වනු ඇත.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේය.

ශෂිකලා සිරිවර්ධන (එක්දින පිලේ නායිකා), චමරි අතපත්තු (විස්සයි20 පිලේ නායිකා), හර්ෂිතා මාධවී, අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, යසෝධා මෙන්ඩිස්, නිලක්ෂි ද සිල්වා, දිලානි මනෝදරා, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනූෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා. අතිරේක හසිනි පෙරේරා, ප්‍රසාදිනී වීරක්කොඩි, සත්‍යා සන්දීපනී, සචිනි නිසංසලා, මධූෂිකා මෙත්තානන්ද.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages