ඔෂාර පණ්ඩිතරත්න සභාපති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

ඔෂාර පණ්ඩිතරත්න සභාපති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය

14 සැප්තැම්බර්, 2019

 

ඕනෑම ක්‍රීඩාවක තිඹිරිගෙය වන්නේ පාසලයි. අවුරුද්දක් පුරා පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන විශිෂ්ටයන් අතරින් අතිවිශිෂ්ටයන් තෝරා වසරකට වරක් හරි මේ වගේ ඇගැයීම් කිරීම තුළින් ඔවුන්ට ඉදිරියට යන්න විශාල රුකුලක් වෙනවා. සාමාන්‍යයෙන් පාසල් ක්‍රිකට් වාරයක් තුළ තරගාවලි පවත්වන්න අනුග්‍රාහකයන් පවා උනන්දු වුණාට මේ වගේ ඇගැයීම් උත්සව පවත්වන්න උනන්දු වෙනවා අඩුයි. ඒ අඩුව සම්පූර්ණ කරන්න ලේක්හවුස් ආයතනය, මොබිටෙල් ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීම අගය කරන්න ඕනෑ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලකුණු සටහන්කරුවන්ගේ සංගමය, විනිසුරුවන්ගේ සංගමය ඇතුළු විශාල පිරිසක් මේ වටා ඒකරාශි වෙනවා. ඔවුන්ගේ උත්සහය උනන්දුව එක්ක තමයි අපි මෙවැනි දිගු ගමනක් යන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයන් අතරින් අති බහුතර ප්‍රමාණයක් මේ සම්මාන උලෙළේ ඇගැයීමට ලක්වෙලා තියෙනවා. ඔවුන්ට පාසල් මට්ටමින් ලැබුණු මේ දිරිගැන්වීම ජාතික තලය හරහා අන්තර්ජාතික මට්ටමට රැගෙන යාමට විශාල රුකුලක් මේ තුළින් ලැබිලා තියෙනවා කියලා සතුටින් කියන්න පුළුවන්. සභාපතිවරයා විදියට මට විශේෂයෙන් කියන්න තියෙන්නේ 41 වැනි වරට පැවැත්වෙන මේ සම්මාන උලෙළේ ඇගැයීමට ලක්වන ක්‍රීඩකයන් අතරින් තවත් විශාල ප්‍රමාණයකට හෙට දවසේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ජාතික මට්ටමට එන්න අවස්ථාව ලැබෙන්න කියලයි.

මෙම ලබාදෙන දිරිගැන්විම පාසල් ක්‍රීඩකයන් හට මනා රුකුලක්. පිතිකරුවෙකු හෝ වේවා පන්දු යවන්නෙකු හෝ වේවා. පන්දු රකින්නෙකු හෝ වේවා ඔවුන්ට මේ ලබාදෙන දිරිගැන්විම මානසිකව ඔවුන්ට මනා රුකුළක් වෙනවා. ඔවුන්ගේ ක්‍රිඩා දිවියේ දෙවන පරිච්ඡේදය මේ සමග ගොඩනගා ගැනිමට අවස්ථාව හිමිවනවා. මුලින් කොළඹට පමණක් සිමා වු මෙම ප්‍රදානය සමස්ත ලංකා මට්ටමින් පැවැත් වීම ඉතාමත් දූරදර්ශී ක්‍රියාවක්. අද කොළඹ මෙන්ම ගමත් ක්‍රීඩාව ගැන උනන්දුයි. ඒ වගේම කොළඹින් බැහැර පාසල් වලටද මේ හරහා වක්‍රව දිරිගැන්විමක් හිමිව තිබෙනවා.

 

ජාතික මට්ටමින්වත් පාසල් මට්ටමින්වත් මෙවැනි වැඩසටහනක් නොකෙරෙන මෙහොතක සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - මොබිටෙල් සමාගම සමග එක්ව අඛන්ඩව පවත්වන “ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට්“ සමිමාන උලෙළ ඇත්තෙන්ම ක්‍රීකට් ක්‍රීඩාවේ අනාගතයට කරන ඉහළම දිරිගැන්විමයි.

 

සැම ජාතික ක්‍රීඩකයෙකුම බිහිව ඇත්තේ පාසල් මට්ටමින් තරග කොට ඔවුන් දක්වන ඒ දක්ෂතාවයන් අගය කිරීමට මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. නමුත් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නෑ. ලබන වසරේදි යොවුන් ලෝක කුසලානය පැවැත් විමට නියමිතයි. ඒ වගේම මේ වන විට ආසියානු කුසලානය පැවැත්වෙනවා ඒ හැම තරගාවලියක්ම නියෝජනය කරන්නේ පාසල් ක්‍රිඩකයන් ඔවුන්ම ජාතික තලයට ඔසවා තැබිමට මෙවැනි වැඩසටහන් තව තවත් සංවිධානය විය යුතුයි. එවිට සැම ක්‍රිඩකයෙකුටම තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේම දෙමාපියන්ගේත් වැඩි අවධානයක් තම දරුවන්ගේ ක්‍රීඩා කුසලතාව වෙත යොමුවෙනවා. එවිට සැම ක්‍රිඩකයෙකුගේම දක්ෂතා වර්ධනය කරගැනීමට එය මනා රුකුලක් වෙනවා. ඒ වගේම පාසල් වල සිටින විදුහල්පතිවරුන් මෙන්ම ක්‍රිඩාභාර ආචාර්ය වරුන්ගේද අවධානයට යොමුවෙනවා. එවිට ක්‍රීඩාවේ දියුණුවට එය ඉවහල් වෙනව.

 

“ඔබ්සර්වර් - මොබිටෙල්“ක්‍රිකට් සම්මාන උලෙළේ ඇති අනෙක් සුවිශේෂම කරුණ තමයි වසරින් වසර නව තාවයකින් ඉදිරිපත් කිරීම හිටපු ක්‍රිකට් නායක මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාගේ ඉල්ලීම මත විනයගරුක නායකයා විනයගරුක කණ්ඩායම මේ වන විට සම්මාන උ‍ෙලළට ඇතුලත්ව කර තිබේනවා. එය මහත්මා ක්‍රිඩකයෙකු බිහිකිරිමට හැම විටම දායක වන කරුණකි. අද වන විට “ඔබ්සර්වර් - මොබිටෙල්“ කුසලානය දිනාගෙන ජාතික තලයට ප්‍රවිශ්ඨ වු ක්‍රීඩාකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ තනතුරු දරමින ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට වැඩ කරිමින් සිටිනවා.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages