‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයෙත්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-07

‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයෙත්.

කොළඹ අක්ෂි රෝහල ඇතුළු  රටපුරා රෝහල් 10 ක සිදුකරන ‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයේදීද සිදු කිරීමට බෝ නොවන රෝග පිළිබඳව ජාතික සභාව තීරණය කර ඇති  බව  වාර්තා වේ.

ඒ අනුව කොළඹ  අක්ෂි රෝහල, මහනුවර   ශික්ෂණ රෝහල,අනුරාධපුරය,රත්නපුරය,කන්තලේ , ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වව්නියාව, නාවලපිටිය යන රෝහල්වල මේ මස 15 වැනිදා සිට සවස 4 න් පසුවද  ඇසේ සුද ඉවත් කිරීමේ  ශල්‍යකර්ම සිදු කිරීමට නියමිතය.

සාමාන්‍යයෙන්  එක්  වෛද්‍යවරයෙක් එක් දිනකට ඇසේ සුද ඉවත් කිරීමේ  සැත්කම් 25 ත් 30  ත් අතර ප්‍රමාණයක්  සිදු කරන නමුත්  පොරොත්තු ලේඛනයේ  කළමණාකරණය කිරීම සඳහා  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

The post ‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයෙත්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages