විනය හදන්න එන නඩු බය අය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

විනය හදන්න එන නඩු බය අය

14 සැප්තැම්බර්, 2019

සෑම් මානි­ක්ෂෙව් 1972 ඉන්දි­යාවේ ජය­ග්‍රාහී රණ ශූර­යෙකි. ඔහු, ඉන්දීය උප­ම­හ­ද්වී­පයේ පළමු ෆීල්ඩ් මාර්ෂ­ල්ව­ර­යාය. ඔහුට ඔහුගේ හමු­දා­මය කට­යුතු නිසා සෑහෙන කීර්ති­යක් තිබුණේ ය. ඒ වන විට රට පාල­නය කළේ ඉන්දිරා ගාන්ධිගේ කොන්ග්‍ර­ස­යයි. එය පරා­ජය කිරීම උදෙසා එවක ඉන්දීය විප­ක්ෂය සෑම් මානි­ක්ෂෙව් වෙත "දැල" එළ­මින් සිටි­යේය. ඒ බව ඉන්දිරා දැන­ගත් සැනින් ඈ කළේ සෑම් ව සිය නිල නිවෙ­සට ගෙන්වා­ගෙන ඔහු හා කතා කිරීම ය.

"ඔබ සදා­කා­ලික ජාතික වීර­යෙක්. ඔබට අද කොහේ­වත් සතු­රන් නෑ. ඔබ දේශ­පා­ල­න­යට ආවොත් ඔබේ එක් පැත්තක පාක්ෂි­ක­යන් ඉඳීවි. නමුත් කිහිප පැත්ත­කින් සතු­රන් හිඳීවි. කල්පනා කොට තීන්දු­වක් ගන්න"

ඉන්දිරා තේ පැන් සංග්‍ර­හ­යක් අතරේ සෑම්ට කීවා ය.

ඔහු තියුණු ලෙස කල්පනා කළේය.

"මම රණ­වි­රු­වෙක්; දේශ­පා­ල­ක­යෙක් නොවේ." ඔහු එහෙම තීන්දු කළේය.

ඔහු අද­ටත් ඉන්දි­යාවේ රණ­ශූ­ර­යෙකි.

දේශ­පා­ල­න­යට ආවා නම් ඔහු තවත් එක් දේශ­පා­ල­න­ඥ­යෙක් පමණි.

ඒක ඉන්දි­යාවේ එහෙම වුණාට,මේ ලංකාව ය.

ගෝඨා රට හද­න්නට පැමිණ සිටී. ඔහු කියන්නේ ජාතික ආර­ක්ෂාව විනාශ බව ය; වින­යක් රටේ නෑ කියා ය.මේ මොහොතේ ජන­ප්‍රි­යම සටන් පාඨ දෙක ඒක ය. ඔය අතර අබා­ධිත රණ­වි­රු­වන් පාරට ගෙනෙයි.තැන තැන පත­රොම් කොපු­වක් හමු­වු­ණත් එය ජාතික ආර­ක්ෂාව අන­තුරේ කියා මුල් ම පුවත සහ හෙඩිම බවට පත් කර­න්නට ව්‍යාපෘති බාර මාධ්‍ය රැසක් සූදා­නම් ශරී­ර­යෙන් සිටී.

ගෝඨා ආවොත් සිය­ල්ලම විනා­ශයි කියා හත්පොලේ දිවු­ර­මින් ශපත කළ වාසු 'උණු­සුම් කතා­බ­හ­කට පසු' ගෝඨා හොඳ බව වට­හා­ගත් බවත්, කලින් කළ චෝදනා වලට සමාව ඉල්ලන බවත් කියයි. විය­පත් වූ විට සිදු­වන සාමාන්‍ය ව්‍යාකූල තත්ත්වය වාසුට ඔරොත්තු නොදෙන සේය. ගම්ම­න්පිල වරක් කීවේ ප්‍රාදේ­ශීය සභා­වක හෝ දේශ­පා­ල­නය නොකළ කෙනෙක්ට රට පාල­නය කරන්න බෑ කියා ය. වැඩේ 'නාගත් බව' තේරුණු ඔහු කඩි­න­මින් ම පක්ෂ සම්මේ­ල­න­යක් කැඳවා ගෝඨා­භි­ශේ­කය කළේය.

ගෝඨා ශ්‍රද්ධා­වන්ත සැදැ­හැ­වත් තවු­සෙක් බවට මුලින් ම කීවේ ඩලස් ය. ඒ 2018 ජන­වා­රි­යේය.

'හිට්ලර් කෙනෙක් වී හෝ රට බේරා ගන්න'කියා හිමි­න­මක් කී කතා­වට 'තල්ලු­වක්' දෙන්නට හිතා­ගෙන දෝ 'ගෝඨා'උම්බ­ල­කඩ කෑල්ල­ක්වත් නොකන 'පින්ව­තෙක්' බවට සළු­පිළි පැළැ­න්දු­වේය. එහෙත් ඔහු නොදැන සිටි දෙයක් විය. ඒ 'මස් නොකන දඩ­ය­ක්කා­රයෝ' සිටින බව ය.

පිරු­ව­ට­ව­ලින් වහන් වී ඔවුහූ දඩ­යමේ යති. එහෙත් මස් නොකති. ඩලස් සාමා­න්‍ය­යෙන් ප්‍රකට යමක් හිතා­මතා කතා කරන අයකු ලෙසය. ඔහු අනෙකා විවේ­ච­නය කරන්නේ අති­ශය සූක්ෂ්ම ලෙස ය. ඒ විවේ­ච­නය එක විටම 'බරට' නොදැ­නු­ණත්, එහි තරම වැට­හෙන්නේ හරි­යට ඒ ගැන සිතා බැලූ විට ය. හරි­යට තෝරා ගත්තොත් ඒකා­බ­ද්ධයේ වැඩි­යෙන්ම 'ආල­ව­ට්ටම් දමා' කතා කළ හැක්කේ ඩලස්ට ය. එහෙත් භාවි­තය තුළදී ඔහුගේ තත්‍ය ස්වභා­වය එළි­යට ආ අවස්ථා බොහෝය. එහි මෑතම උදා­හ­ර­ණය 'උම්බ­ල­කඩ' කතා­වය.

බලය තිබෙන විට මොළය නෑ කියා කතා­වක් තිබේ. එහෙත් බලය නැති විට මොළය නැති වීම අවා­ස­නා­වකි. කාල­යක් ප්‍රග­ති­ශීලී මාන­ව­වා­දයේ පතාක යෝධ­යන්ගේ චරි­තය අපූ­රු­වට රඟ පෑ ඩලස් ලා මහින්ද යුගයේ ලද බල­යත් සමඟ සහ­මු­ලින් ම බල­කාමී වික­ට­යන් බවට පරි­ව­ර්ත­නය වූහ. වරක්, රෝහිත භාෂණ අබේ­ව­ර්ධන ලියූ 'කුහු­ඹු­වන් වූ මිනි­සුන්' නැමති ලිපිය ඩල­ස්ලාගේ පරි­ව­ර්ත­නයේ හැටි ස්වභා­වය මොන­වට පසක් කර­න්නකි. 'යුක්ති­ග­රු­ක­භා­වය පිළි­බඳ මිනිස් අපේක්‍ෂා ශූන්‍යව ගිය කලක කිසිත් කර­කියා ගත නොහෙන කුරා කුහු­ඹු­ව­කු­ගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? කියන ප්‍රශ්න­යට අප බොහෝ දෙනා පිළි­තුරු උගත්තේ ඉති­හා­සය විසින් මේ ප්‍රශ්නය මුහු­ණට දමා ගැසූ සම­ය­ක­දීය. යට­ත්භා­වය මහා­මා­රි­යක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රති­ප­ත්ති­ග­රුක ජීවි­තය ආඩ­ම්බ­ර­ය­කැයි කුහු­ඹු­වකු නොදනී.

නමුත් මිනි­ස්සු එය දනිති. එය අම­ත­කව ගිය සැණින් රැළෙන් මඟ නොහැ­රු­ණද මිනිසා හුද­කලා කුහු­ඹු­වකු බවට පෙර­ළෙයි. රැළ හා වසන මුත් පෑගී මිය යෑමේ තැති ගැන්මෙන් එකා පසු­පස එකා වැටී සැරි­ස­රයි.' යනු­වෙන් හෙතෙම සිය ලිපිය ආරම්භ කරයි. සත්‍ය­යකි. ඩල­ස්ලාට සිදු වූයේම එයම ය. බලය ලද කල එහි ගිලී, එහිම වස­මින් එය සදා­කා­ලි­ක­යැයි හඟින්නෝ උම­තු­වෙන් දොඩ­වති.

සාමා­න්‍ය­යෙන් කුමාර වෙල්ගම මන්ත්‍රී­ව­රයා ප්‍රකට 'නාහෙට නාහන' පුද්ග­ල­යකු ලෙස ය. ඔහු ඒකා­ධි­පති කතා­වට එදා කදිම උත්ත­ර­යක් දුන්නේය. “උපාලි ස්වාමි­න්ව­හන්සේ ඒ කරපු ප්‍රකා­ශය සම්පූ­ර්ණ­යෙන් ම හෙළා දකි­නවා. මොකද අපේ රටට හිට්ලර්ලා ඕනේ නෑ. පොලි­සි­යට පුළු­වන්ද රටක් පාල­නය කරන්න. හිට්ලර් පුළු­වන් ද රටක් පාල­නය කරන්න. එහෙම කෙනෙක් ගෙනා­වොත් අපි පක්ෂ­යෙන් එළි­යට බැහැලා අපේ ජීවිත පරි­ත්‍යා­ග­යෙන්, අපි ජීවිත පූජා කරන්න සූදා­නම් වෙලා ඉන්නවා කියලා මම බය නැතුව කිය­නවා.”

එහෙත් ප්‍රග­ති­ශීලී යැයි කියා ගන්නා ඩල­ස්ලාට හෝ විම­ල්ලාට, වෙල්ග­මට තිබූ හයි­ය­වත් තිබුණේ නැත. සම­හ­ර­විට 'ගෝඨා' හරි නිවුණු අයෙක් බවත් බවුන් නොවැ­ඩීම හැර සියලු ගුණ­වත් දෑ කරන බවත් ඩලස් ලා අද­හ­නවා විය හැකිය. ‘ඒකා­ධි­ප­ති­ත්වය යනු කෙළ­ව­රක් නැති දිගු පටු කෙළින් පාරකි. එහි පිට­වන මං නැත. ඔබගේ සිය­ලූම නිද­හස් උදුරා ගන්නා­තුරු ඔබට මේ පාරේ සිටී­මට සිදු­වනු ඇත."කියා ජෝසෙ රෙයාස් පවසා තිබේ.රකු­සන් හා යුද වදි­න්නන්, එ් කාර්යය නිසාම රකු­සන් බවට පත් නොවී­මට වග බලා­ගත යුතුය. අැති පමණ කල් අාගා­ධ­යක් පතු­ලට නෙත් යොමා සිටි­යොත් අාගා­ධය ද පෙරළා ඔබ වෙත නෙත් යොමනු අැත කියා කතා­වක් වෙයි. ඩල­ස්ලාට සිදුව තිබෙන්නේ ඒ වින්නැ­හි­යය.

දැන් 'විනය'හද­න්නට ගෝඨා ජනා­ධි­ප­ති­ව­ර­ණෙට ඉල්ලයි.

හැබැයි ඔහු කුඩා බල­යක් තිබෙන කාලයේ විනය හදපු හැටි සම­හ­රුන්ට අම­ත­කය.

රටක් පව­තින්නේ නීති­යක් ඇති තැනයි; නීති­යක් පව­තින්නේ අධි­ක­ර­ණ­යක් ඇති තැනයි. නීති­යක් යනු පොතක ලියැ­වුණු වචන ගොඩක් නොවේ. අධි­ක­ර­ණ­යක් යනු, විනි­සු­රු­ව­රුන් අසුන් ගන්නා ගොඩ­නැ­ඟි­ල්ලක් නොවේ. නීති­යට, ස්වායත්ත ආධි­ප­ත්‍ය­යක් තිබිය යුතුය. එහෙත් ඊට හාත්ප­සින්ම වෙනස් අන්ත දූෂිත තැන­කට මෙරට අධි­ක­ර­ණය දක්කා­ගෙන ගොස් ගාල් කිරීමේ ඉති­හා­සය 'මහින්ද ආණ්ඩුව' සතුය.

ශිරාණි බණ්ඩා­ර­නා­ය­කට එරෙ­හිව පැවැත්වූ දෝෂා­භි­යෝග ක්‍රියා­ව­ලිය අපේ ව්‍යව­ස්ථා­වට එකඟ නොවන බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මේ රට­ටත්, රටේ බල­ධා­රී­න්ටත් දැනුම්දී තිබිණි. එසේ තිබි­යදී, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ විසින් ශිරාණි බණ්ඩා­ර­නා­ය­කව ඒ තන­තු­රෙන් පහ කළේය. රටේ උත්ත­රී­තර ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරීම 'සෙල්ලම් ගෙයක් කඩා දම­නවා' වැනි සරල සංසි­ද්ධි­යක් සේ එවක මහින්ද ආණ්ඩුව සැල­කීය. එය එසේම කළේය. රටේ ව්‍යව­ස්ථාව දැනු­වත්ව උල්ලං­ඝ­නය කිරීම රාජ ද්‍රෝහී­ත්ව­යකි. එහෙත් මහින්ද යුගය ව්‍යව­ස්ථාව කුණු කූඩෙට දැමූ ඉති­හා­ස­යක් සහිත යුග­යකි. ගව­යකු වුවද ගැට­ගසා දැමූ විට 'තණ' උලා කන්නට සීමා­වක් තිබේ. එහෙත් මහින්ද ආණ්ඩු­වට එහෙම සීමා තිබුණේ නැත. නිද­හස් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක අධි­ක­ර­ණ­ය­කට එරට පාල­නයේ ප්‍රධා­න­තම ස්ථාන­යක් හිමිවේ. ඕනෑම රාජ්‍ය­යක රාජ්‍ය මූල­ධර්ම වනුයේ ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය සහ අධි­ක­ර­ණ­යයි. 1978 ව්‍යව­ස්ථාවේ 105 වන වග­න්ති­යට අනුව ශ්‍රී ලංකාවේ අධි­ක­රණ පද්ධ­තිය දැනට ඇති ආකා­ර­යට සකස් විය.

''ජොන්ස්ටන්ගේ කලි­සම ගල­වලා හිර­ගෙ­ද­රදී හිංසා කරපු අය ගැන අපි බලා ගන්නම්'

කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජ­පක්ෂ එහෙම කීවේය.

'ආවාම බලා­ග­න්නම්' කියා කරන පාර­ම්බෑම භීති­යක් ගෙන එන ප්‍රකා­ශ­යකි. මක්නි­සා­ද­යත් රාජ­පක්ෂ යුගයේ 'කළු දශ­කය' තාමත් කාටත් මතක නිසා ය. නඩු­වෙන් නිද­හස් වූ ජොන්ස්ටන් එළි­යට පැමිණ හරි අපූරු කතා­වක් කීවේය.

'දැන් අධි­ක­ර­ණය ස්වාධී­නයි.'

කට බොරු කීවත් දිව බොරු නොකි­යන බවට එයම කදිම උදා­හ­ර­ණ­යකි. එකී සාධා­රණ බව ගැන කියනු වෙනු­වට රාජ­ප­ක්ෂලා 'ජොනීගේ කලි­සම් ගැන කතා කරති.

බොරුව, රැව­ටිල්ල අපගේ දේශ­පා­ල­නය තුළ පොදු අත්දැ­කී­මක් වුවත් ඒ රැව­ටි­ලි­කාරී හැකි­යාව අතින් මහින්ද රාජ­පක්ෂ තරම් කෙළ පැමි­ණි­යකු මෑත කාලයේ හමු නොවන තරම් ය. නිසැ­කව ම දෙබි­ඩි­කම් පිළි­බඳ ව හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කෙරු­වාව මහා­වං­සය තරම් දිගු එකකි.

එම කාර­ණය පිළි­බඳ දීර්ඝ විස්ත­ර­යක් ලෙනාඩ් වුල්ෆ් ලියා ඇති අතර ප්‍රකට ලේඛක විජේ­සිංහ බෙලි­ගල්ල විසින් එය සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කරන ලදී.එහි 'කුර­හන් සාට­කය ගැන' අපූරු කතා තිබේ. රාජ­ප­ක්ෂ­ව­රුන් කුර­හන් සාට­කය පැලැ­ඳීම ඇරැ­ඹුවේ ගිරු­වා­ප­ත්තුවේ හා මාග­ම්ප­ත්තුවේ අහිං­සක ගෝවීන් නියෝ­ජ­නය කිරී­මට යැයි කීවද ඒ පිළි­බඳ වන ඇත්ත කතා­න්ද­රය වෙනස් එකකි. වර්ණ ක්‍රම­යක් මත මැති­ව­රණ පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ඩී. එම්. රාජ­පක්ෂ මහතා මැති­ව­ර­ණ­යට නාම­යෝ­ජනා ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ තමන්ට ලැබෙන පාට කුම­ක්දැයි ඔහු එව­කට එහි සිටි හඩ්සන් නමැති ඒජ­න්ත­ව­ර­යා­ගෙන් විමසා තිබිණි.

“උඹේ පාටද? මේ තියෙන්නෙ” යනු­වෙන් අව­ඥා­වෙන් පව­ස­මින් එවිට ඔහු තම කකුල මේසය මතට රැගෙන සප­ත්තුවේ පැහැය පෙන්වා තිබේ. දුඹුරු පැහැ­යට හුරු එම සප­ත්තුවේ පැහැය වර්ණය ලෙස හිමි වූ පසු ඩී. එම්. රාජ­පක්ෂ අහ­ම්බෙන් ලැබුණු පාට තම වාසි­යට හරවා ගත්තේ තමන් රුහුණු මාගම් ගිරු­වා­ප­ත්තුවේ ගොවීන්ව නියෝ­ජ­නය කරන බව පව­ස­මිනි.

එතැන් සිට කුර­හන් සාට­කය දේශ­පා­ල­න­යේදී රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ පේටන්ට් අයි­ති­යට නතු වූ අතර තමන්ගේ පක්ෂයේ කෙනෙ­කුට පවා එය භාවිත කළ නොහැකි විය. වරක් මහින්ද රාජ­පක්ෂ සමී­ප­තම හිත­ව­තකු වූ එම්. කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලි සාට­කය සහිත තම ඡායා­රූ­ප­යක් ප්‍රචා­රා­ත්මක පුව­රු­වක පළ කළ බව දැන­ගැ­නී­මෙන් පසු හිටපු ජනා­ධි­ප­ති­ව­රයා වහා එය ගැල­වී­මට අණ කළ බව ප්‍රසිද්ධ කාර­ණ­යකි. හම්බ­න්තොට කුර­හන් ගොවීන්ගේ දුක, වේද­නාව හා ඔවුන්ගේ අස්වැන්නේ පැහැය තම දේශ­පා­ලන පැවැත්ම වෙනු­වෙන් අනු­කම්පා විර­හි­තව භාවිත කළද දස වස­රක් රට පාල­නය කළ සම­යෙහි හෝ ඔවු­නට රාජ­ප­ක්ෂ­ව­රු­න­ගෙන් අත්වූ සෙතක් නොමැති තරම්ය. හම්බ­න්තොට කුර­හන් ගොවීන් තම නිෂ්පා­දන අලෙවි කර­ගැ­නී­මට නොහැ­කිව ළත­වෙද්දී ඉන්දි­යා­වෙන් කුර­හන් ආන­ය­නය කිරී­මට තරම් පැය විසි­හ­තර පුරාම දේශී­ය­ත්වය පිළි­බඳ නන්දො­ඩ­වන ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ හිත එස­ම­යෙහි ගල් වී තිබිණි.

බුදු­ද­හම හිස මත තබා­ගත් මහින්ද රාජ­ප­ක්ෂගේ හොඳම මිතු­රකු වූයේ කැසිනෝ රජකු වූ ජේම්ස් පැකර්ය. ඉල්ලා සිටි සියලු බදු සහන ලබා දෙමින් පැකර්ගේ ආයෝ­ජන මෙර­ටට රැගෙන ඒමට රාජ­ප­ක්ෂලා උප­රි­ම­යට උත්සාහ කළ බව රටට නොර­හ­සකි. බදු වර්ග දහ­යක විරා­ම­යක් ලබා දුන් ඒ ගිවි­සුම ක්‍රියා­ත්මක වූයේ නම් දශ­ක­යක් තුළ ඩොලර් බිලි­ය­න­ය­කට වඩා වැඩි බදු ආදා­ය­මක් අහිමි වීමට ඉඩ තිබිණි. ලංකා රජය හා පැකර් අතර වූ එක­ඟ­තාව ඔස්ට්‍රේ­ලි­යාවේ සුප්‍ර­කට “ද ඒජ්” පුව­ත්පත හඳුන්වා තිබුණේ ‘අරුම පුදුම පෙම් ගිවි­සු­මක්’ ලෙස ය. අනෙක් අතට, මතට තිත යන්න මහින්ද චින්ත­නයේ ප්‍රධාන තේමා­වක් වුවද එයද කිසි දිනෙක මහ­පො­ළොවේ ඇත්තක් වූයේ නැත. ලොව මත්පැන් පරි­භෝ­ජ­නය වැඩි ම රටක් බවට ලංකාව පත්වූයේ ඔහුගේ යුග­යේ­දීය. මත්පැන් නිෂ්පා­ද­නා­ගාර තැබෑ­රුම් දුසිම් ගණ­නින් තිබූ ඇමැ­ති­වරු ඒ යුගයේ සිටි අතර එත­නෝල් හොරෙන් ගෙන්වීම පිළි­බඳ විවිධ කතා වරි­න්වර පැති­රු­ණද මහින්ද චින්ත­නයේ දේශ­ප්‍රේ­මයේ බල­යෙන් ඒ සියල්ල යට­පත් විණි.

දෙබිඩි චරි­ත­වල හැටි ඒක ය.

ජාත්‍ය­න්ත­ර­යට ප්‍රහාර එල්ල කරන අත­ර­තුර ඒ සමඟ අව­බෝ­ධා­ත්මක ගනු­දෙ­නු­වක ද රාජ­ප­ක්ෂලා නිරත වූහ. ඒ රටට හොරා ය. යුද්ධය නිමා වූ පසු බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ­ලේ­ක­ම්ව­රයා මෙර­ටට පැමිණි පසු ඔහු සමඟ ඒකා­බද්ධ ලිය­වි­ල්ලක් අත්සන් කර­මින් අන්ත­ර්ජා­තික ප්‍රජාව වෙතින් මතු කරන කාරණා සම්බ­න්ධ­යෙන් සංවේදී වන බවට ඔහු එක­ඟ­තා­ව­කට පැමි­ණි­යේය. 2010 වසරේ මැයි 15 දින උගත් පාඩම් හා ප්‍රති­ස­න්ධාන කොමි­සම ස්ථාපිත කිරීම එහි එක් පිය­ව­රක් විය. එක් පස­කින් එසේ ජාත්‍ය­න්ත­රය සැන­සුව ද මහින්ද රටේ ජන­තාව හමුවේ අලෙවි කළේ දේශ­ප්‍රේ­මය ය. අප ඒ සියල්ල විස්තර කළේ මහි­න්දගේ දෙබිඩි බව විස්තර කිරී­මට ය.

ශ්‍රී ලංකා ආර­ක්ෂක අංශ­ව­ලට එරෙහි යුද අප­රාධ චෝද­නා­ව­ලට පරී­ක්ෂණ පැවැ­ත්වීමේ අව­ශ්‍ය­තා­වක් නොමැති බව දිගින් දිග­ටම පැවසූ නමුත්, අතු­රු­දන් වූවන් සොයා බැලීම සඳහා කොමි­ස­මක් පත්ක­ර­මින් එහි කාර්ය­භා­රය හා විෂය පථය ඊට උප­දෙස් ලබා­දී­මට පසුව එක්සත් ජාතීන්ගේ යුද අප­රාධ අධි­ක­ර­ණ­යන්හි කට­යුතු කළ අධි චෝද­ක­යන් තිදෙ­නෙ­කුව උප­දේ­ශ­ක­යන් ලෙස නම් කර ඒ කමි­ටුව පිහි­ටු­වන ලදී. රාජ­පක්ෂ එසේ කළේ 2/3ක බල­යක් තිබූ තම පාර්ලි­මේ­න්තුව හෝ දැනු­වත් නොක­රය.

උතුරු නැ‍ඟෙන­හිර ගැට­ලු­ව­ලට විස­ඳු­මක් ලෙස දේශ­පා­ලන විස­ඳු­මක් පිළි­බඳ සංවාද මතු වූ සෑම මොහො­ත­කම මහි­න්දගේ ස්ථාව­රය වැනෙ­න­සුලු එකක් විය.

ඉන්දි­යා­වට ගොස් 13 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් ඔබ්බට යෑමට එහි නාය­ක­යන්ට පොරොන්දු වූ මුත් රට අභ්‍ය­න්ත­ර­යේදී එවැ­න්න­කට කිසිදු උන­න්දු­වක් නොද­ක්වන ලදී.

දැන් 'වීරයා'වන්නට තනන්නේ එකී 'දෙබිඩි' දේශ­පා­ල­ක­යාය.

තමන්ට අවා­සි­දා­යක යැයි හැඟෙන තැන්වලදී රාජ­ප­ක්ෂ­වා­දීහු සසල වෙති. නඩු කල්දමා ගැනීමට, මඟ හැරීමට කටයුතු කරති. අධි­ක­ර­ණ­යට ‘ගල්’ ගසති. චෝදනා නඟති; උප­හාස කරති; තමන්ට වාසි­දා­යක තීන්දු­වක් දුන් කල අධි­ක­ර­ණ­යට 'මල්' ඉසිති! ගරු කරති.

ඒ උසා­වියේ ගෝඨ­ලාට හිත­වත් මාධ්‍යට 'ලීඩ්'ගැසිය හැකි තීන්දු ලැබෙයි. අධි­ක­ර­ණය ස්වාධී­නයි කියන්නේ ඒකය.

අප ජීවත් වන්නේ මෙරට අග­වි­නි­සු­රු­ව­රි­යට එරෙ­හිව අට පාස් උද­විය නඩු අසා තීන්දු දී එළවා දැමූ ඉති­හා­ස­යක් සහිත රටක ය. එමතු නොව එලෙස එළවා දමා 'කැවුම් කිරි­බත් ගිල දැමූ පාප­ත­ර­යන්’ තව­මත් වසන රටක ය.

ජන­තාව ගැන හෝ නීතිය ගැන තියා, අඩු වශ­යෙන් පූජ­නීය යැයි සැල­කෙන අතීත සම්ප්‍ර­දාය ගැන­වත් තැකී­මක් නොකළ ඉති­හා­ස­යක් ඉකුත් ආණ්ඩුව සතු වෙයි. ඊට කදිම, සමී­ප­තම උදා­හ­ර­ණය එවක, අංක 1807/39 යටතේ විශේෂ ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කොට චමල් රාජ­ප­ක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජ­ප­ක්ෂට නිල­ව­ර­ණ­ය­කින් තොරව තව­දු­ර­ටත් කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක තන­තුරේ රැඳී සිටී­මට හැකි වන ආකා­ර­යෙන්, පනත් සැක­සී­මය.

නීතිය යටතේ ශෂීන්ද්‍ර රාජ­ප­ක්ෂට එක විට මහ ඇමැති ධුරය සහ බස්නා­යක නිලමේ ධුරය දැරිය නොහැ­ක්කේය. එහෙත් එවක ආණ්ඩුව, ඒ නීති­මය බාධ­ක­යත් තවත් ගැසට් නිවේ­ද­න­ය­කින් (1614/30= 2009 අගෝස්තු 14) අව­ලංගු කෙළේය.

නීතිය අතට ගන්නෝ, සාහ­සි­කයෝ ය; නරු­මයෝ ය; උන් දන්නා සදා­චා­ර­යක් හෝ මානව ගුණ­යක් නැත. ගෙවී ගිය ආණ්ඩු යුගය එවැ­න්නන් රජ­කම් කළ යුග­යක් ය. 2015 ජන­වා­රියේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු මෙරට නීති පද්ධ­තියේ ස්වාධී­න­ත්වය තහ­වුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියා­මාර්ග ගනු ලැබීය.

නීතිය උඩ සොකරි නැටූ උද­විය අද වින­ය­ග­රුක රටක් හදන්න කයි­වාරු ගසති. හමුදා සෙබ­ලු­න්ගෙන් වහ­ලු­න්ගෙන් මෙන් වැඩ­ගත් උද­විය අද රණ­වි­රු­වන් ගැන කිඹුල් කඳුළු හෙළති.ප්‍රති­වාදී අපේ­ක්ෂ­කයා ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලූ වර­දට යුද්ධය දිනා­දුන් හමු­දා­ප­තිව හිර­ගෙට දැක්කූ උද­විය අද ජාතික ආර­ක්ෂාව ගැන පම්පෝරි ගසති. හමුදා අනු­ඛණ්ඩ පවා යවා පාල­නය කළ නොහැකි ලෙස මිනී මැරුම් සිදු වූ කොට­කෙ­ත­න­ට­වත් ආර­ක්ෂාව නොදුන් උද­විය අන­පේ­ක්ෂිත පාස්කු ප්‍රහා­රය ගැන අද කිඹුල් කඳුළු හෙලති.

සර­සවි සිසුන්ට එලව එලවා පහ­ර­දුන්, එමෙන්ම සිසුන් ඝාත­නය කළ උද­විය අද සිසු අයි­තීන් ගැන දේශනා දෙති.

වතුර පොදක් බීමට ඉල්ලූ අහිං­ස­ක­යින්ට වෙඩි තබ­න්නට හමු­දාව යවා සී සීකඩ වෙඩි තැබූ අය අද සාමය ගැන කතා කරති.

හිටපු අග­වි­නි­සුරු ශිරාණී බණ්ඩා­ර­නා­ය­කට එරෙ­හිව මහි­න්දගේ ආණ්ඩුව කට­යුතු කළ අන්දම මෑත ඉති­හා­සය දන්නා අයට පවා මත­කය. ගැහැ­නි­යක කක්කු­ස්සි­යට එන තෙක් රැක සිට වෙඩි තබා මැරූ උන්ද තේරීම් කාරක සභා­වට පත්කොට 'කැකිල්ලේ තීන්දු­ව­කින්' රාජ­ප­ක්ෂලා අග­වි­නි­සු­රු­ව­රිය එලවා දැමීය.

අග­වි­නි­සුරු එල­වන කට­යුත්තේ මුල් පුරුක් වූයේ විමල්, මහි­න්දා­නන්ද, රෝහිත, තිලංග සහ පිට­කො­ටුවේ මහින්ද කහ­ඳ­ගම වගේ අය ය. මතක තබා ගන්න, අග­වි­ණි­සු­රුට එරෙ­හිව මහ පාරේ නඩු අහපු කල්ලිය 'අට පාස්' වුණේත් අමා­රු­වෙන් ය.

'දැන් ඉතින් අපි තුන්දෙනා ගැන ඔයාල බලා­ගන්න. මං අවු­රුදු 30 ක් රාජ්‍ය සේවයේ සිටියා. දැන් මට යන්න දෙන්න; මම අවං­කයි. බදු රහිත වාහන බල­ප­ත්‍ර­ය­ක්වත් ගත්තේ නෑ. මම නිර්දෝ­ෂියි. මම හැම­වි­ටම ජන­තාව සම­ඟයි. ජන­තාව අපේ පවුලේ අය රකිනු ඇතැයි මා සිත­නවා. මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන අද හෙට ම ප්‍රකා­ශ­යක් කර­නවා”

කියා අග­වි­නි­සු­රු­ව­රිය එළි­යට බැස්සා ය. නිර්භී­තව සිය­ල්ලට මුහුණ දුන් ඈ, කවදා හෝ සත්‍ය ජය­ගන්නා බවත් කීවා ය.

ඈ නෙරපා හරිද්දී ඩෙඟා නැටූ ඇමැ­ති­වරු වෙත දිට්ඨ­ධම්ම වේද­නීය කර්මය පල දෙන්න වස­ර­ක්වත් ගත වූයේ නැත. අන්ති­මට සත්‍ය ජය ගත්තේය.

ගෝඨා­ලාගේ, විම­ල්ලාගේ පුරා­ජේරු බයට කියන කවි සීපද බවට පත්වෙන්නේ ඔවුන් ඊට මුහුණ දුන් ආකා­රය දෙස බලන විට ය.

මැද­මු­ලන ප්‍රදේ­ශයේ ඉදි කළ ඩී. ඒ. රාජ­පක්ෂ අනු­ස්ම­රණ කෞතු­කා­ගා­රය ගොඩ­නැ­ඟී­මේදී රුපි­යල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරි­හ­ර­ණය කළ බවට එල්ල­වන චෝදනා සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය වෙත කැඳවූ ගෝඨා­භය රාජ­පක්ෂ පැය තුන­කට ආසන්න කාල­යක් ප්‍රකාශ ලබා දුන් අතර, අදාළ චෝදනා සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පසු­ගිය නොවැ­ම්බර් මාසයේ පොලිස් මුල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සුදා­නම් විය. එහෙත්, ඒ අව­ස්ථාවේ අදාළ චෝදනා සම්බ­න්ධ­යෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගැනීම වළ­කා­ල­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මගින් අතුරු තහ­නම් නියෝ­ග­යක් ලබා­ගැ­නී­මට ගෝඨා­භය රාජ­ප­ක්ෂට හැකි­විය.

ඊට අම­ත­රව,මිග් යානා ගනු­දෙ­නුව,වැනි චෝදනා රැසක් ඔහුට තිබිණි. ඇව­න්ගාඩ් නඩු­වෙන් ඔහු නිද­හස් ය. සම­හරු කීවේ 'ගෝඨා නිද­හස්' කියා ය. හැබැයි අනෙක් චෝදනා තාමත් විභාග වෙමින් තිබේ.ඒක ඒ අයට අම­තක ය.

'බලයේ සිටි අයෙක් නැවත 'රට හදන්න' අව­ස්ථාව දෙන්න යැයි කීවොත් ඒ කතාව පිළි­ගන්න එපා' කියා කියන්න්නේ ඔබාමා ය.!

මානාභරණ



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages