ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම ගල්කිස්ස සාන්ත තෝමස් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම ගල්කිස්ස සාන්ත තෝමස්

මෙරට පාසල් ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතමයන් උදෙසා සම්මාන පිරිනැමෙන ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උලෙළේ 41 වැනි සම්මාන ප්‍රදානය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැති මේ උළෙලේ දී වසරේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල සහ වසරේ හොඳම බාලිකා ක්‍රිකට් කණ්ඩායම ලෙස රත්ගම දේවපතිරාජ විදුහල් පිල සම්මාන දිනාගැනීමෙන් පසුව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, ලේක්හවුස් පුවත්පත් සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති කුමාරසිංහ සිරිසේන, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා, ලේක්හවුස් පුවත්පත් සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දර්ශා බැස්ටියන් සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහත්වරු සමග.

ඡායාරූප - රුක්මාල් ගමගේ සහ චින්තක කුමාරසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages