ගෝඨා හිරවෙන ලකුණු - රතුපස්වල සිද්ධියට නීතිපති අධිචෝදනා ගොනුකරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-12

ගෝඨා හිරවෙන ලකුණු - රතුපස්වල සිද්ධියට නීතිපති අධිචෝදනා ගොනුකරයි

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට යුධ හමුදාව යොදවා සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට ලක්විය. ශමේල රවිශාන් සහ අකිල දිනේෂ් යන දෙදෙනා වෙඩි වැදීමෙන් ද නිලන්ත පුෂ්පකුමාර යන අය හිසට වැදුණු පහරකින්ද මියගොස් තිබූ බවට නිගමනය කර තිබිණි.

එම සිද්ධියට අදාලව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියාය.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම සිද්ධියට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ද පත්කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages