තාත්තා නම් කීවේ කලාව කරලා වැඩක් නැහැ කියලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-12

තාත්තා නම් කීවේ කලාව කරලා වැඩක් නැහැ කියලා

දුෂ්‍යන්ති සේවික්‍රම
සැප්තැම්බර් 12, 2019

නැසීගිය රංගන ශිල්පී චන්ද්‍රසිරි සේවික්‍රමගේ දයාබර දියණිය ඇයයි. නමින් ඇය දුෂ්‍යන්ති සේවික්‍රම. පියා සේම ඇය ද කලාවට පැමිණ සිය දක්ෂතාවයන් විහිදුවාලමින් සිටිනවා. නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක ද ලෙසින් දුෂ්‍යන්ති කටයුතු කරන්නේ දෙදහස් අට වසරේ සිටයි. එහෙත් ඇයට සියලුම කලා අංශයන්ගෙන් ඉවත් වන්නට සිදු වන්නේ විදෙස් ගතවීමට සිදු වූ නිසයි. නැවතත් දුෂ්‍යන්ති කලාවට පිවිස සිටියි.

දුෂ්‍යන්ති, කොහොමද මේ දිනවල ඔබේ කලා තොරතුරු?

චැනල් සී නාළිකාවේ නිවේදිකාවක් විදිහට කටයුතු කරගෙන යනවා. රංගන ශිල්පිනියක විදිහටත් ඇරැයුම් ලැබෙනවා. කොහොමත් දැන් පූර්ණකාලීනව කලාවට යොමුවන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ මුලින්ම නිවේදිකාවක් වන්නේ?

මැක්ස් නාළිකාවේ තමයි මුලින්ම වැඩ කළේ. ඊට පස්සේ චැනල් කිහිපයක හිටියා.

රඟපෑව නිර්මාණයන් ගැන මතක් කළොත්?

හිතට වහල්වීමි, රන්තලිය වලව්ව, සඳසාවි වගේ නාට්‍යවල තමයි හිටියේ.

ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ?

හිතට වහල්වීමි නාට්‍යයේ සවීණාගේ චරිතයෙන් මිනිස්සු අතරට ගියා.

කලාවේ නියැළී සිටින ගමන් ඔබ විදෙස්ගත වෙනවා?

විවාහයත් එක්ක තමයි රට ගියේ. දැන් පුතෙක් එහෙම ඉන්නවා අවුරුදු දෙකහමාරක.

ඔබේ පියාව මේ මොහොතේ මතක් කළොත්?

ඔහු කලකට ඉහතදී අප අතරින් වෙන් වුණා. චිත්‍රපට ගණනාවක තාත්තා රඟපෑවා. වේදිකා නාට්‍යවලත් හිටියනෙ. කලා කටයුතුවල නියැළෙද්දි නිතර ඔහු මතක් වෙනවා. තාත්තා කැමැති වුණේ නැහැ මං රඟපානවට. කලාව කරලා වැඩක් නැහැ කියලා තමයි කිව්වේ. හොඳට ඉගෙන ගන්න උදවු කළා. අලෙවි කළමනාකරණ උපාධිධාරිනියක් වෙනකම්ම මං ඉගෙන ගත්තා. තාත්තා කලාව කරපු නිසා මටත් ඒ අංශයට යන්නම හිත කිව්වා. ඒ නිසයි මෙහෙම හරි කලාව කරන්නේ.

ඔබේ පෞද්ගලික ජීවිතයේ විස්තර සඳහන් කළොත්?

මගේ මහත්තයා ගිහාන් ලෝරන්ස්. ඔහු නවසීලන්තයේ ඉන්නේ. මගේ ගම බොරැල්ල. ඉගෙන ගත්තේ කොළඹ ගෝතමී බාලිකාවෙන්.

ප්‍රසාද්
නිශ්ශංක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages