රට වෙනුවෙන් එකට සිටිමු බදුලු වැඩසටහන ඇරැඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

රට වෙනුවෙන් එකට සිටිමු බදුලු වැඩසටහන ඇරැඹේ

රට වෙනුවෙන් එකට සිටිමු පස් වන ජාතික සංවර්ධන වැඩසටහන බදුල්ලේ දී ඊයේ (23) ඇරැඹිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධාන කරන මෙම ජාතික සංවර්ධන වැඩසටහන දින හයක් පුරා කියාත්මක වේ.

බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක් ආවරණය කරම්න් වැඩසටහන් 446ක් ඊයේ (23) දිනයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන බදුල්ල දිස්ත්‍රිකයේ බදුල්ල, වැලිමඩ, ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇළ, ලුණුගල, සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, රිදිමාලියද්ද, මහියංගණය, යන ප්‍රදේශීය ලේකම් කොටිඨාස පහළොවේ ක්‍රියාත්මක කරන මේ වැඩ සටහන් මාලාවෙන් මහජනතාවගේ මෙිතෙක් නොවිසිඳුනු ගැටලුවලට විසඳුම් ලබාදෙයි.

මෙම වැඩසටහනින් ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන මත් ද්‍රව්‍ය නිවාරණය, සුරකිමු දරුවන්, ජාතික අහාර, ස්මාර්ට් ශ්‍රී ලංකා,  ග්‍රාම ශක්ති වැඩසටහන් සමාජ සුබසාධන, පාසල් සංවර්ධන, තිරසර අධ්‍යාපන, වැඩිහිටියන් සවිබල ගැන්වීම, වකුගඩු නිවාරණය, ඇතුළු රජයේ අමාත්‍යාංශ, දෙපාර්මේන්තු හා ඌව පළාත් සභාව මගින් ද මෙහෙයවන මහජන සේවාවන් රැසක් ක්‍රියාත්මක වේ.

බදුල්ල දිස්ත්‍රිකයේ ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමඟාමීව ඊයේ දිනයේ සරුංගල් සංදර්ශනයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් බදුල්ල මුතුමාල විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය ක්‍රිඩාංගණයේ දී පැවතිණි.

මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්මේන්තුව මගින් වෘත්තිය අභියේග ජය ගැනෙීම පිළිබඳ වූ වැඩමුළුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ක්‍රියාත්මක විය.

බදුල්ල ඩිපෝවේ ඉංජිනේරු අංශය පිරිසුදු කිරීමේ ශ්‍රමදානය ඊයේ දින පැවැති අතර, ඌව පළාත් සමාජ සේවා දෙපාර්තාම්න්තුව ක්‍රියාත්මක කළ වැඩ සටහන බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

අරුණ ඩයස්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages