සෞදියේ ඔටුන්න හිමි කුමරු, කෂෝගි ඝාතනයේ වගකීම භාර ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-27

සෞදියේ ඔටුන්න හිමි කුමරු, කෂෝගි ඝාතනයේ වගකීම භාර ගනී

ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටී.
 
2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 02 වැනි දින තුර්කියේ ඉස්තානබුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කොන්සියුලර් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්විය.
 
ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන රුපවාහිනි වාර්තාමය වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව ප්‍රකාශ කර ඇත.
 
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් ඇතුළු රජ පවුලේ ක්‍රියාකාරකම් විවේචනය කරනු ලැබූ මාධ්‍යවේදියෙක් වන ජමාල් කෂෝගී තමන්ට එල්ලවූ තර්ජන හේතුවෙන් අමෙරිකාවේ ජිවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඔහු අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ විශේෂාංග ලිපි ලියන්නෙක් ලෙසටද කටයුතු කරනු ලැබුවා. " එය සිදුවුයේ මගේ පාලනය යටතේ, එහි වගකීම මම භාර ගන්නවා. එය සිදුවුනේ මගේ පාලනය යටතේයි..." ජමාල් කෂෝගී ගේ ඝාතනයට වසරක් සපිරෙන ඔක්තෝම්බර් මස 01 වැනි දින විකාශනය වීමට නියමිත රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages