සජිත්ට ගෝඨාභය පරදවන්න පුළුවන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

සජිත්ට ගෝඨාභය පරදවන්න පුළුවන්

කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාව අනිවාර්යයෙන්ම පරාජය කළ හැකි බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේදී ඊයේ (12) පැවැති ශිල්ප සේනා වැඩසටහනට අපනයනකරුවන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පැවැති මාධ්‍ය හමුවෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන ලොකු උනන්දුවක් ජනතාව අතර මේ වනවිට ඇති වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ගැන උනන්දුව වැඩි වී තිබෙනවා. අවසාන රැස්වීමේදී සුළු පක්ෂ සමඟ සාකච්ඡා කරන්න කියා අගමැතිවරයා සඳහන් කර තිබෙනවා. ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ඒ සුළු පක්ෂ දැනටමත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත ඒ සම්බන්ධව තීන්දුවක් ගැනීමට අපට හැකියාව ලැබේ කියා බලාපොරොත්තු වෙනවා. අවසාන සාකච්ඡාවේදී සුළු පක්ෂ සමඟද සාකච්ඡා කර ඒ සම්බන්ධව අගමැතිවරයාට දැනුවත් කරන්න කියන දේ සිදු වුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක කරන්න කියලා තමයි මුළු රටපුරාම කියැවෙන්නේ. ඒ තීන්දුව ගන්න අවස්ථාව අපට උදාවෙයි කියා බලාපොරොත්තුවෙන් සිටිනවා.

සජිත් මහතාගේ දේශපාලන දැනුම අඩුවක් තියෙනවා යැයි කීම අමූලික බොරුවක්. ඒ මහතා එනවාට බය අය රාජපක්ෂලා කිව්වොත් හොඳයි. සජිත් ප්‍රේමදාස මහතා එනවාට රාජපක්ෂලාගේ බයක් තිබෙනවා. ඔහු ආවොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අවුරුදු 20 ක දේශපාලන දිවිය, සිදු කර තිබෙන කාර්යභාරය වැදගත් වෙනවා. අපට අවශ්‍ය කරන්නේ වැඩ කරන්න පුළුවන්, හොර බොරු වංචා නැති, කෙලින් තීන්දු ගන්න නායකයෙක්. ඒ කාර්යභාර්ය සජිත් ප්‍රේමදාස මහතාට කරන්න පුළුවන් කියලා මුළු රටම දන්නවා. රාජපක්ෂවරු බයයි හැබැ යි.

ඒවාගේම සජිත් මහතා ආවොත් වාසි ඇහිරෙන පිරිසක්ද සිටිනවා. හොරකම් කරන්න බැරි වෙන, හොරකම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලාත් දන්නවා. ඒ පිරිසත් ඒ මහතා ඒ නැතිව එක්සත් ජාතික පක්ෂය පරාජය වෙනවාට කැමති යි. එතකොට සජිත් මහතාට විරුද්ධ වෙලා රාජපක්ෂවරුන්ට සහාය දෙනවා.

අපි පිරිසිදු පක්ෂයක්. බොරු කරන්නේ නැහැ. විවෘත ආර්ථිකය, පළාත් සභා ක්‍රමය, ජනාධිපති ක්‍රමය, මේ සියල්ල අපි ගෙනාපු ඒවාගැන තමයි විරුද්ධ පක්ෂයේ අය දැන් කතා කරන්නේ.

සමහර අයගේ රැකියාව, පවුලේ දියුණුව දේශපාලනය. එතකොට තමන්ගේ දූ දරුවන්ට නෑදෑයන්ට හම්බ කරන්න දේශපාලනය කරන්න ඕනෑම දෙයක් කරනවා. තමන්ගේ පවුලේ වත්කම් සම්බන්ධයෙන් උනන්දු වෙනවා නම් ඒ අය සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ වෙනවා. රටේ අනාගතය වෙනුවෙන්, රටේ හොඳ සංවර්ධනයක් කිරීම වෙනුවෙන් බලාපොරොත්තු වන පිරිස ඒ වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

ගෝඨභාය රාජපක්ෂ මහතා අභියෝගයක් වෙනවා. නමුත් ඒ මහතාව අනිවාර්යයෙන්ම පරාජය කරන්න පුළුවන්. අපිට, සජිත් ප්‍රේමදාස මහතාට ගමේ, නගරයේ, රටේ තිබෙන උනන්දුව දැක්කාම ජයග්‍රහණය කරන්න පුළුවන් බව සියලු දෙනා දන්නවා. එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා ගමනක් යන්නත් පුළුවන්, ජයග්‍රහණය කරන්නත් පුළුවන්.

වෙළඳ ප්‍රජාව දියුණු කරන ගමන්ම දුප්පත් ජනතාව වෙනුවෙන් සුබභසාධනය සලසන්න කටයුතු සිදු කරනවා. දුප්පත් ජනතාව නඟා සිටුවා ඔවුන්ව නිෂ්පාදන කාර්යයට සම්බන්ධ කරගැනීමට කටයුතු සිදු කරනවා.

චන්දිමා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages