සමස්ත ලංකා පාසල් මැරතන් හෙට ගිරිඋල්ලේ දී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

සමස්ත ලංකා පාසල් මැරතන් හෙට ගිරිඋල්ලේ දී

අවුරුදු 16න් ඉහළ පාසල් ක්‍රීඩකයන් සඳහා පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මර්ග ධාවන තරගය මේ මස 14 වැනිදා ගිරිඋල්ලේදී පැවැත්වේ. තිස්වසරකට අධික කාලයක් දිවයින පුරා මැරතන් තරග සඳහා අනුග්‍රහය දැක්වූ නෙස්ටමෝල් සහාය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය විසින් මේ තරගය සංවිධාන කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 අධික පිරිසක සහභාගිත්වයෙන් කොටස් දෙකකින් යුතුව පැවැත්වෙන මේ ධාවන තරගයේ ප්‍රධාන තරගය කිලෝමීටර් 14ක දුරකින් සමන්විත වන අතර ආධුනික ධාවකයන් සඳහා කිලෝමීටර් 4ක තරගයක් පැවැත්වෙයි. මේ තරග ද්විත්වයම 14 වැනිදා සවස 4.00ට ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල අසලින් ආරම්භ වීමට නියමිතය.

දශක ගණනාවක් තිස්සේ මෙරට මැරතන් තරග සඳහා බලය, ජවය සහ ශක්තිය සපයන නෙස්ටමෝල්ට් සමගින් ක්‍රමානුකූලව වර්ධනය වූ මේ ක්‍රීඩා ඉසව්ව මේ වනවිට පාසල් ක්‍රීඩා දින දර්ශනයේ වැදගත්ම ඉසව්වක් බවට පත්ව තිබීම කැපී පෙනේ.

මේ තරගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සහ අනුග්‍රාහකත්වය පිරිනැමීම පසුගියදා කුරුණෑගල දී පැවැත්විණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, ක්‍රීඩා විශේෂ උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.ජයලත් මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

කුරුණෑගල දකුණ සමූහ එම්.මහරුප් සහ කුරුණෑගල මධ්‍යම විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages