කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-09

කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

දැනට සිර දඩුවම් නියමව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
 
කංජිපානි ඉම්රාන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
 
මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කර ඇති හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇප ලබා දීමකින් තොරව ඔහු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළේය.
 
මෙහිදී පොලිසිය කල ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී කංජිපානි ඉම්රාන්ගේ තර්ජනයට භාජනය වූ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ජංගම දුරකථනයක් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළේය. මීට අමතරව පැමිණිලිකාර පොලිස් පරීක්ෂකවරයා සහ සැකකාර කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්ෂණ සඳහා ඉදිරියේ දී රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය මෙහිදී පොලිසියට වැඩිදුරටත් දැනුම් දී සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කංජිපානි ඉම්රාන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.
 
පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික සංඛ්‍යාවක් සමග පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.
 
එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී මරණීය තර්ජන කර ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම්කර තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages