යෝෂිත යළි නාවික හමුදා ලුතිනන් නිලයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-25

යෝෂිත යළි නාවික හමුදා ලුතිනන් නිලයට

යෝෂිත රාජපක්ෂ යළිත් නාවික හමුදා ලුතිනන් නිලයේ පිහිටුවා ඇතැයි නාවික හමුදාව පවසයි.

එහි ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඔහු සේවයේ පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බව ය.

යෝෂිත රාජපක්ෂ යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ, සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඒ අනුව 2018 පෙබරවාරි 28 වන දින සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබේ.

සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages