කාර් රථයක් හා වෑන් රථයක් ගැටී කාන්තාවක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

කාර් රථයක් හා වෑන් රථයක් ගැටී කාන්තාවක් මරුට

කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (29) අලුයම 5.30ට පමණ බෝකුන්දර මංසන්ධියේ නවතා තිබූ මාළු වෙළඳුන් ප්‍රවාහනය කරන කුඩා වෑන් රථයක ගැටීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

මේ අනතුරින් මිය‍ෙගාස් ඇත්තේ මසුන් වෙළඳාමෙහි නියැළී සිටි පිළියන්දල තුම්බෝවිල කරදියාන ප්‍රදේශයේ පදිංචි ශිරානි ප්‍රනාන්දු නමැති 45 හැවිරිදි තිදරු මවකි.

කුඩා වෑන් රථය කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සලේ සිට මාළු වෙළඳුන් රැගෙන පිළියන්දල කහපොල දක්වා ධාවනය කරමින් තිබියදී බෝකුන්දර මංසන්ධියේ නතර කොට මියගිය කාන්තාව රථයෙන් මාළු පාර්සලයද රැගෙන බසිමින් සිටියදී මෝටර් රථය එම වාහනයේ පිටුපස ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇත.

අධික වේගයෙන් පැමිණ ඇතැයි පැවසෙන මෝටර් රථය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම වෑන්රථයේ ගැටී මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකද ගැටී නතර වී තිබේ.

මේ අනතුරින් තුවාල ලබා ඇති වෑන් රථයේ රියදුරු සහ ඒ තුළ ගමන් කළ මාළු වෙළඳ ව්‍යාපාරිකයකුද තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

මේ අනතුරින් වාහන දෙකටම හානි සිදුවී ඇති අතර මෝටර් රථයේ රියදුරු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

කැස්බෑව සංචාරක - ධර්මසිරි සුරවීර
ඡායාරූප - කැස්බෑව සංචාරක 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages