ගුවන් විදුලියෙන් උමාරියා සිංහවංශට ඇගයීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-11

ගුවන් විදුලියෙන් උමාරියා සිංහවංශට ඇගයීමක්

මෙරට ගායන ක්ෂේත්‍රයේ දක්ෂ ගායිකාවක් වන උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වී තිබේ. 
 
ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලඟා වෙමින් සිටින උමාරියා ගීත ගායනා ක්ෂේත්‍රයේ හැකියාවන් සහ කුසලතාවයන් පෙන්වමින් ගායන පෞරුෂය ප්‍රචලිත කිරීමට දැක්වූ මෙහෙවර අගයමින් එම සහතිකය හිමිවී ඇත.
 
ඇයගේ වැඩිමහල් සහෝදරිය උමාරා සිංහවංශ ද ජනප්‍රිය ගායිකාවන් වන අතර , චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙන්ද ඇයගේ දක්ෂතාව මනාව විදහා දක්වා තිබේ.
 
උමාරියා සිංහවංශ තමන්ට ලැබුණු මෙම ඇගයීම සම්බන්ධයෙන් , ගුවන්විදුලි සංස්ථාවට ඇය සිය හෘදයාංගම ස්තුතිය පුද කර තිබූ අතර වචනයෙන් කිව නොහැකි තරමේ නිහතමානී සතුටක් තමන්ට දැනෙන බවත් සිය ෆේස්බුක් ගිණුම හරහා සදහන් කර තිබුණි. ඇයට පෙර අමරදේව මාස්ටර්, නන්දා මාලිනී, ඇන්ජලීන් ගුණතිලක, රුක්මනී දේවි, ලතා වල්පෝලා වැනි ජ්‍යෙෂ්ටයින්ට මෙම ගෞරවය හිමිව තිබුනි.
 
එසේම මෙම ගෞරවය මෙතෙක් ලබා ඇති ලාබාලම තැනැත්තා උමාරියා වීම ද විශේෂත්වයකි. ඇයව සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දීම වෙනුවෙන් භාතිය සන්සන්තුෂ් දෙපලට ද ස්තූතිය පල කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages