ශ්‍රී ලංකාවට-ඇෆ්ගනිස්තානයට අවසන් තරගය අහිමි වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

ශ්‍රී ලංකාවට-ඇෆ්ගනිස්තානයට අවසන් තරගය අහිමි වෙයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග 2ක වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

කොළඹ පී.සරා ඕවල් පිටියේදී පසුගිය වසරේ ශූරයන් වූ ඉන්දියාව සහ අනුශූරයන්වූ ශ්‍රී ලංකාවත්, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයත් තරග වැදීමට නියමිතව තිබිණි.

ඊයේ දිවයින පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ තරග 2කම කාසියේ වාසිය හෝ උරගා බැලීමෙන් තොරව අත්හැර දැමීමට සිදුවිය.

කෙසේ වෙතත් මේ තරග සඳහා අතිරේක දිනයක් ලබාදී නොතිබූ අතර ඒ හේතුවෙන් මේ තරගාවලියේ නීතිරීති අනුව මූලික වටයේ පෙරමුණගත් කණ්ඩායම් දෙකට අවසන් මහ තරගයට එක්වීමේ අවස්ථාව උදාවිය.

ඒ අනුව කාණ්ඩ දෙකකින් පැවැති මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයගත් ශ්‍රී ලංකාව සමග අවසන් පූර්ව තරගයට පිවිසි ඉන්දියාවට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදාවිය.

‘බී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වූ බංග්ලාදේශය දෙවැනි අවසන් පූර්ව තරගය අත්හැර දැමීමෙන් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව හිමිකරගත් අතර ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිමින් පාකිස්තානය සහ කුවේට් පිල පරාජය කළ පෙරැළිකාර කණ්ඩායම වූ 2017 වසරේ ආසියානු යොවුන් කුසලානය දිනූ ඇෆ්ගනිස්තානයටත් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමිවී ගියේය.

අවසන් පූර්ව වටයේදී තරගයකින් තොරව අවසන් තරගයේ ස්ථාන වෙන්කරගත් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර එම තරගය හෙට (14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages