මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-20

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර අවදානය අද (20)යොමු විය .
 
ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ මාලදිවයන තානාපති ඔමාර් අබ්දුල් රශාක්  [ Omar Abdul Razzak ]  මහතා අතර පැවති සාකච්ජාවේදීය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ දී මෙම සාකච්ජාව පැවැත්විණ.
 
සාකච්ජාව ආරම්භ කරමින් මාලදිවයන තානාපතිතුමා සදහන් කලේ තම රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය බවය. දෙවැනි ඉහලම ආදායම් ලබන කර්මාන්තය ධීවර කර්මාන්තය බව තානාපතිතුමා පෙන්වා දුන්නේය .
 
දෙරටේ ධීවරයින් මුහුදු සීමා ඉක්මවා ධීවර රැකියාවේ නිරතවීම පිලිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු විය . එවැනි අවස්ථාවලදී දෙරටේ සුහදත්වයට හානියක් නොවන පරිදි ඉතා මිත්‍රශීලීව කටයුතු කර ධීවර ජනතාව පිඩාවට පත්නොවන පරිදි දෙරට අතර කටයුතු කිරීම පිලිබදව මෙහිදී සාකච්ජා කෙරිණ.
 
ඇතැම් ධීවරයින් බැංකුවලට ණය වී , තවත් ධීවරයින් සිය දේපල උගසට තබමින් , තවත් ධිවරයින් සිය බිරින්දෑ දරු මල්ලන්ගේ කණ කර උගසට තබා රැකියාවේ නිරත වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යතුමා නොදැනුවත්ව හා විවිධ හේතුන් මත මුහුදු සීමා ඉක්මවා යාම හේතුවෙන් ධීවර ජනතාව පත්වන අපහසුතා මගහැරවීම සදහා ගතයුතු පියවර පිලිබදව ද තානාපතිතුමා සමග සාකච්ජා කළේය .
 
රාජ්‍ය අමාත්‍යතුමාගේ කරුණු දැක්වීම පිළිබද අවධානය යොමු කල තානාපතිවරයා එවැනි අවස්ථාවල දී ඉතා මානුෂිකව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සදහන් කළේය .

No comments:

Post a Comment

Post Bottom Ad

Pages