හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් FCID අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-27

හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් FCID අත්අඩංගුවට

හිටපු හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී විජේවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්නව පොලිස් මුල්‍ය අපරාධ ඒකකය විසින් අද (27) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 
උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට රේගුවට භාරදී තිබු රත්ත්‍රන් කිලෝග්‍රෑම් 40 කින් කිලෝග්‍රෑම් 08ක් නිසි අවසරයකින් තොරව අනුරාධපුරයේ ඉදිකර තිබෙන "සඳහිරු සෑය" සඳහා ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ ඒකකයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කරමින් ඔවුන් සඳහන් කර සිටියේ හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂකවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages