පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවේ අවසන් වාර්තාව 23 - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-12

පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවේ අවසන් වාර්තාව 23

අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එළඹෙන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

ගතවු කාල සීමාව තුළ කාරක සභාව මගින්, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වනදා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් සඳහන් කලේය.

කතානායක කරු ජයසූරිය විසින් මෙම විශේෂ කාරක සභාව ඉකුත් මැයි මස 22 වනදා පත්කළ අතර මැයි මස 29 වනදා එම කාරක සභාව පළමුවරට රැස්විය. 

අවසන් වාර්තාව සකස් කිරීම සඳහා එම කාරක සභාව අවසන්වරට රැස්වන්නේ ලබන 17 වනදාය. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages