ඇල්පිටියේ ඡන්දය භාවිත කිරීම සියයට 55ක මට්ටමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-11

ඇල්පිටියේ ඡන්දය භාවිත කිරීම සියයට 55ක මට්ටමට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසිම මේ වන විට සාර්ථකව පැවැත්වේ. පෙරවරුව වන විට ඡන්ද දායකයින්ගෙන් සියයට 55කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව වාර්තාවේ.
 
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ මැතිවරණය ඉතා සාමකාමී ලෙස පැවැත් වෙන බවත් මැතිවරණ නීති උල්ලංඝනය වීමක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්ය.
 
අවස්ථා 3 ක දී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වන බවත් පැවසු තේරීම්බාර නිලධාරීවරයා, පළමු අවස්ථාවේ දී ඡන්ද මධ්‍යස්ථාන 47 තුළදීම සිදුවන බවත් අනතුරුව එක් එක් මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වන බවත් දෙවැනි පියවර වශයෙන් ප්‍රාදේශීය සභා 17 ට අදාළ ප්‍රතිඵලය ඒ ඒ කොට්ඨාශ තුළදීම ලබා දෙන බවත් තුන්වන අවස්ථාව ලෙස සමස්ත ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බවත් කියා සිටියේය.
 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages