දුම්රිය වර්ජනය තවදුරටත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-01

දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
 
ඊයේ(30) අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී තමන්ගේ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසදුමක් ලබා නොදීම ඊට  හේතුවයි.
 
ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක වන බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් පවසයි.
 
මෙම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.
 
මේ අතර දැනට ක්‍රියාත්මක වර්ජන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages