පූජිත් සහ හේමසිරි යළි බන්ධනාගාරගත කරන්නැයි නියෝග - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-09

පූජිත් සහ හේමසිරි යළි බන්ධනාගාරගත කරන්නැයි නියෝග

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර තීරණය කළේ ය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ, මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙසයි.

ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

 


No comments:

Post a Comment

Post Bottom Ad

Pages