ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-01

ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය මේ මස 31 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

සිදුවන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව නිල කාලය දීර්ඝ ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ජනපති විමර්ශන කොමිෂන් සභාව මේ වසරේ ජනවාරි මස 22 වනදා පත් කළ අතර, එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදායින් අවසන් විය.

ඒ අනුව, එදින සිට කොමිසමේ නිල කාලය යළි ඊයේ දක්වා දීර්ඝ කෙරිණ.

ජනාධිපති කොමිසම සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබුණු බවයි.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නය.

එහි සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන අය කටයුතු කළහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages